chapter 30

1.4K 257 15
                                    

මේ අතරේ ජිමින්, යුන්හි දෙන්නා හැංගිලා හිටිය තැනින් එලියට ආවේ ජන්ග්කුක් එයාලාව හොයනවා කිව්වාට තාම ආවේ නැති නිසා..දෙන්නාත් එක්කම ටිකක් කැලේ ඇතුලට යනකොට ඩීමන්ස්ලා ටේකුක් දෙන්නාව අරගෙන යනවා ජිමින් ,යුන්හි දෙන්නා දැක්කා.

🍂 ඔප්පා..කූව ලොකු සමනලයෝ වගයක් අරන් යනවා..

🐥 ශ්ශ්...යුන්හි කෑ ගහන්න එපා..

යුන්හි හයියෙන් කතා කරනකොට ජිමින් ඉක්මනට යුන්හිගේ කට තදින් වහලා ඉක්මනට හැංගුනේ ඩීමන්ස්ලා එයාලවත් දකීවි කියන බයට..එහෙම්ම ගස් අස්සේ හැංගිලා යුන්හි, ජිමිනුයි සද්ද නැතුව ඩීමන්ස්ලා පස්සෙන් ගිහින් හැංගිලා ඩීමන්ලා ටේකුක් දෙන්නාව එක්කගෙන ගිය ගරා වැටුන ගෙදර දිහා බලාගෙන හිටියා..

🍂 ඔප්පා අපි මොකද කරන්නේ ?? එයාලා කූට රිද්දනවා..අපි එයාලව බේරගමුකෝ..

🐥 අපිට තනියම යන්න බෑ යුන්හි..
ජින් හ්‍යුන්ග්ව එක්කන් එමු ගිහින්..

🍂 අනි..මන් කූව දාලා යන්නේ නෑ..

🐥 යුන්හි...අපිට තනියම යන්න බෑ..එන්න ගිහින් අපි හ්‍යුන්ග්වයි කිම් අප්පාවයි එක්කගෙන එමු..

🍂 අනි..මන් කූව දාලා යන්නේ නෑ..කූ හොදටම අඩනවා ඇති...අනේ ඔප්පා අපි එයාව බේරගමු..

🐥 යුන්හි කියන දේ අහන්න..

ජිමින් කොච්චර තේරුම් කරන්න හැදුවත් යුන්හි ජන්ග්කුකව එතන දාලා යන්න බෑ කියලා අඩන්න පටන් ගත්තා..එකෙන් උනේ ඩීමන්ස්ලාට ඒ දෙන්නා හැංගිලා ඉන්න තැන හොයාගන්න පුලුවන් උන එක.

😈 කවුද බලන්නකෝ මේ ඔත්තු බලන්න ඇවිල්ලා ඉන්න ඩබල..හාහ්..හාහ්..හාහ්...
මේ දෙන්නාවත් අරන් පලයන්..

එතනට ආපු ඩීමන් කෙනෙක් අන කරනකොට ගස් අස්සේ හැංගිලා හිටිය ජිමින්වයි යුන්හිවයිත් ඇදගෙන ගිහින් ටේකුක් දෙන්නා හිටිය කාමරේට ගියා..ඒ යනකොටත් ජන්ග්කුක් ටේව බදාගෙන හොදටම අඩනවා..කරුවල කාමරේ යාන්තම් හද එලියෙන් විතරක් පෙනුන කුක්ගේ ඡායාවෙන් ජිමින්ටයි යුන්හිටයි කුක්ව අදුරගත්තාත් එයාව තුරුල් කරන් ඉන්න අනිත් කෙනාව නම් අදුරගන්න බැරි උනා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now