chapter 23

1.6K 281 18
                                    

රාජකීය වෛද්‍යවරයත් එක්ක ආව යූන්ගි ඇතුලට එනකොට ටේකුක් ඩබල ඉන්න විදිය දැක්කාම හිනා යන්න ආවත් ආයි හිනාව තද කරගෙන හිටියා.. ජන්ග්කුක් අත් දෙකෙන්ම බදලා ටේහ්‍යුන්ව තුරුල් කරන් හා පස්සත් උඩ දාගෙන නිදි..ටේහ්‍යුන් ජන්ග්කුක්ව කොටියෙක්ට අහු උන ගොදුරක් වගේ අත් කකුල් ඔක්කොම වලින් අල්ලන් පිඹුරෙක් වගේ වෙලිලා සැප නින්දේ..

ජන්ග්කුක්ගේ තත්ත්වේ බලන්න ඕන නිසා ප්‍රධාන වෛද්‍යවරයත් එක්ක කාමරේට ආව යූන්ගි නිදන් ඉන්න ජන්ග්කුක්ගේ නාඩි බලන්න අත ගන්න හැදුවත් කොල්ලා ටේහ්‍යුන්ව අලවලා ගම් ගාලා වගේ අත නම් ගන්න හම්බු උනේ නෑ..බැරිම තැන වෛද්‍යවරයා බෙල්ලෙන් නාඩි පරීක්ෂා කරලා බලලා හිනා වෙලා සද්ද නොකර එලියට ආවා..

ජිමිනුත් මේ වෙලේ කුස්සියේ ඉදන් එලියට ආවේ ජන්ග්කුක්ගේ තත්ත්වේ ගැන දැනගන්න කියලා හිතාගෙන..

🐥 කුක්ට කොහොමද ශින් වෙදදුරු තුමනි??

💊 දැන් නම් කුමාරයාට ලොකු ප්‍රශ්නයක් නෑ..
එයා හුගක් ශක්තිය වැය කරලා නිසා දවස් දෙක තුනක් යනකම් තනියම වැඩක් කරගන්න දෙන්න එපා..ඇග මහන්සි කරවන්න එපා...
කෝකටත් කුමාරයා නැගිට්ටාම එයාව මද සීතල වතුරෙන් හෝදන්න..හුගක්ම සීතල කරන්නත් එපා.. සාමාන්‍ය සීතල වතුරෙන් සෝදන්න...
පිහාටු වලට ලොකුවට ඩැමෙජ් එකක් නැති නිසා බය වෙන්න එපා...
ඇග මහන්සි නොකර තියාගන්න...

🐱 එහෙමයි...මන් ඔබ තුමාව ගිහින් දාන්නම්..

යූන්ගි වෛද්‍යවරයත් එක්ක ගියාම ජිමින් ආයි කාමරේට යන්න හදලා ජන්ග්කුක් ලග ටේහ්‍යුන්ට තනියම ඉන්න දෙන්න ඕන නිසා ආයි කුස්සියට ගිහින් එයාගේ වැඩ ටික කර කර හිටියා..

පැයක් විතර ගියාට පස්සේ ජිමින් ආයි ආවේ වැස්සෙ තෙමිලා තෙමිච්ච පූස් පැටියෙක් වගේ..එලියේ හයියෙන් වැස්සත් වෙනදා තරම් අදුරක් නැති නිසා රාජ්‍යයේම මිනිස්සු සතුටු වෙවී හිටියා..ඒත් අදුර ලගම එනවා කියලා කිසිම කෙනෙක් එක තප්පරේකටවත් හිතුවේ නෑ..

යූන්ගි ආපු ගමන් තෙත පිටින්ම ජිමින්ව හෙව්වත් ජිමින් පෙන්න හිටියේ නෑ...බැරිම තැන කුස්සියට යනකොට ජිමින් වලන් වගයක් හෝදනවා.. යූන්ගි සද්ද නොකර එකපාරටම ගිහින් ජිමින්ව් බදාගත්තාම එක ක්ෂණිකයෙන් ක්‍රියාත්මක උන ජිමින් අතේ තිබ්බ සෝස් පෑන් එකෙන් යූන්ගිගේ ඔලුවටම දීලා ඇරියා...අහින්සක යූන්ගි කෑ ගහගෙන ඔලුවත් බදන් පහත් උනේ හදිසි ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නවත් විදියක් හිතාගන්න බැරුව..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now