chapter 15

1.6K 291 8
                                    

යූන්මින් දෙන්නා ගිහින් හුගක් වෙලා නිසා ජන්ග්කුක්ට කම්මැලිකමේ හිටියේ...වෙනදට ටේහ්‍යුන් එක්ක රන්ඩුවෙන්න හරි පුලුවන්...ඒත් ඊයේ උන දේවල් එක්ක ඉතින් ටේහ්‍යුන්ගේ මූන බලන්නත් බෑනේ...කෑම එක කන එක පවා කරේ කාමරේට වෙලා ටේහ්‍යුන්ට පේන්නෙ නැති වෙන්න..

💥💥💥 සරාන්...

කුස්සිය පැත්තෙන් වීදුරුවක් බිදෙන සද්දේ ඇහුනම මෙච්චර වෙලා රෑ උන දේ ගැන හිත හිත සිහින ලෝකේ හිටපු ජන්ග්කුක් හරි සිහියට ආවේ..
කෝකටත් කියලා බෙල්ල වැහෙන්න ඇදුමකුත් දාගෙන ජන්ග්කුක් හිමීට හිමීට කුස්සිය පැත්තට ගියත් බිදුනු වීදුරුවක් තිබ්බාට බිදපු කෙනෙක් හිටියේ නෑ..

🐰 ස්..ස්ට්‍රොබෙරියෝ
ඔයාද මේ කෝප්පේ බින්දේ ??

ජන්ග්කුක් එහෙම ඇහුවත් ටේහ්‍යුන්ගේ සද්දයක්වත් තිබ්බේ නෑ...බිම තියෙන වීදුරු කටු අස් කරලා දාලා හිමීට ආයි කාමරේට යන්න ලෑස්ති උනත් ගේ පිටිපස්සෙන් ඇහිච්ච එක එක සද්ද නිසා කොල්ලා යන එක නතර කරා..

ලග තිබ්බ පොල්ලකුත් දික් කරගෙන හිමීට ගේ පිටිපස්සට ගිය ජන්ග්කුක් දැක්කෙ ඊයේ වැහැලා මඩ වෙලා තිබ්බ පොලොවේ කාගේ හරි කකුල් පාරවල්.. හිමීට ඒවා දිහා බලනවත් එක්කම..

🐯 බුහ්හ්හ්හ්හ්හ්හ්....

🐰 බුදු අම්මෝ 😱😱😱😱

කැලෑවේ ගස් අස්සේ හැංගිලා ඉදලා ටේහ්‍යුන් එකපාරටම ජන්ග්කුක්ගේ ඇගට පැන්නා..කොල්ලා කොච්චර බය උනාද කියනව නම් කෑ ගහගෙන අතේ තිබ්බ පොල්ලත් දාලා ගේ ඇතුලට දිව්වා.. ටේහ්‍යුනාත් ජන්ග්කුක් පස්සෙන් දුවලා ගිහින් අතින් අල්ලලා නැවැත්තුවා.

🐯 කුකී දුවන්න එපා අලෙ...
මේ මන්.....
බය වෙන්න එපා..

🐰 මෝ ?? කවුද කුකී කියන්නේ ??
මන් කුකී කියලා කෙනෙක් දන්නේ නෑ..
ඔයාගේ කලින් girlfriend ද ??

ජන්ග්කුක් ඇසුත් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියේ වෙනදාට අදින ටයිට් ඇදුම් වෙනුවට ලොකු හූඩියකුයි ලොකු කලිසමකුයි ඇදන් දත් තිස්දෙකම් එලියේ දාගෙන හිනා වෙවී ඉන්න ටේහ්‍යුන්ව දැකලා..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now