chapter 19

1.6K 300 6
                                    

🐰 ඒයි ටේ...
නැගිටින්න..

🐯 අනේ බෑ ඔම්මා..
මට දොයි මතයි...

🐰 ඔම්මා නෙමෙයි මිනිහෝ...මේ මන්...
ජන්ග්කුක්...😑😑

මහ දවල් ටේහ්‍යුන්ව නැගිට්ටවන්න ජන්ග්කුක් හෙන ගේමක් දෙනවා..ආරා නැගිට්ටවන් එන්න කිව්වාට ජන්ග්කුක් දැන් විනාඩි පහලවක් තිස්සේ ටේහ්‍යුන්ව ඇහැරවන්න ට්‍රයි කරනවා..කොල්ලා බෙඩ්ශීට් එකත් ගුලි කරන් නිදි..

🐯 අනෙ බෑ අනේහ්..
මට නිදිමතයි...

🐰 මේහ්...විකාර නොකර නැගිටින්න අයියෝ...
නූනායි හ්‍යුන්ග්නුයි බලන් ඉන්නවා..

🐯 එයාලට පස්සේ එන්න කියන්න..

🐰 එහෙම බෑ...

ජන්ග්කුක් එහෙම කියලා ටේහ්‍යුන්ගේ බෙඩ්ශීට් එක අදිනකොටම ටේහ්‍යුන්නුත් අනිත් පැත්තට බෙඩ්ශීට් එක ඇද්දා..එකපාරටම ජන්ග්කුක් ඇදිලා ගියේ නිදන් හිටපු ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව උඩට..

එකපාරටම ජන්ග්කුක් ඇගට වැටුනාම ටේහ්‍යුනත් ඇස් ඇරලා බැලුවට ජන්ග්කුක් එයාගේ පපුව උඩ ඉන්න විදියට ටේහ්‍යුන්ගේ හදවත හයියෙන් ගැහෙන්න පටන් ගත්තා..ජන්ග්කුක්ගේ කියලා වෙනසක් තිබ්බේ නෑ..එන්න එන්න රතු වෙන ජන්ග්කුක්ගේ මූන දැක්කාම ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ මුලු මූනම ඉබගෙන යන්න හිතුනා..

ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ ඇගෙන් නැගිටලා යන්න හදනකොට ම ටේහ්‍යුන් ජන්ග්කුක්ව ඇදලා අරන් ඇද උඩට දාලා ජන්ග්කුක්ගේ ඇග උඩට ආවා.

🐰 ට්..ටේ...

🐯 ඔහොම රතු වෙන්න එපා කුකී..
ඔයා ඔහොම රතු වෙනකොට මට ඔයා කොල්ලෙක් කියලා අමතක වෙනවා....

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇග උඩ ඉදන් එයාගේ ගැඹුරු කටහඩින් ජන්ග්කුක්ගේ කනට කරලා කියනකොට ජන්ග්කුක්ගේ ඇස් ලොකු වෙලා තවත් රතු වෙන්න පටන් ගත්තා..හදවත හයියෙන් ගැහෙන්න ගත්තේ ටේහ්‍යුන්ට පවා ඒ සද්දේ ඇහෙනකොට..

🐰 ට්..ටේ...

ටේහ්‍යුන් දැන් නම් දන්නවා එයා ස්ට්‍රේට් නෙමෙයි කියලා නම්...ඒ තරම් එයා ජන්ග්කුක්ට පිස්සු හැදිලා ඉන්නේ..ජන්ග්කුක්ගේ බෝල ඇස් දිහාත් රතු තොල් දිහාත් මාරුවෙන් මාරුවට බලපු ටේහ්‍යුන් ටිකෙන් ටික ජන්ග්කුක්ගේ තොල් වලට ලන් උනා.. දෙන්නාගේ හුස්ම මූනවල් වලට වදින තරම් ලන් වෙලා ඉන්නකොට ජන්ග්කුක් දැන් නම් රතුවෙලා පුපුරන්න ඔන්න මෙන්න හිටියේ...ඒත් එයාට උනත් ටේහ්‍යුන් මේ කරන දේ නවත්තන්න ඕන උනේ නෑ.. ජන්ග්කුක් දන්නවා එයා දැන් ටේහ්‍යුන්ට ආදරෙයි කියලා..ඒත් ටේහ්‍යුන් ??
ටේහ්‍යුන් ජන්ග්කුක්ට ආදරෙයිද ??

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now