chapter 36

1.4K 257 6
                                    

🐯 හ්..හ්‍යුන්ග් ම...මගේ බනී...
එ..එයාලා ලග...මගේ බනී එයාලා ලග...
අනේ මගේ බනීට රිදෙනවා කිව්වා...
අනේ හ්‍යුන්ග් මගේ බනී...
එ..එයා කතා කරන්නේ නෑ....
එයාට කතා කරන්න කියන්නකෝ...

ටේහ්‍යුන් ඔලුව බදාගෙන කෑ ගහලා අඩන්න ගන්නකොට ටේහ්‍යුන් එයා කිව්වේ කාටද කියලා තාමත් හිතාගන්න බැරි උනා..

🐥 ටේහ්‍යුන්...මට කියන්න..කුක් මොනවාද කිව්වේ ??

ජිමින් ටේහ්‍යුන් ලගින් වාඩි වෙලා ටේහ්‍යුන්ගේ ඔලුව අතගාගා කියනකොට ටේහ්‍යුන් එකපාරටම ජිමින්ව බදාගත්තා..නයි පොලොංගු වගේ කොයි වෙලෙත් රන්ඩු වෙන දෙන්නා එකපාරටම මෙහෙම ඉන්නකොට පුදුම උනා..

🐯 ච්..චිම්...

ටේහ්‍යුන් අඩ අඩ චිම් කියනකොට ටේහ්‍යුන් කියන්න හදන්නේ මොකක්ද කියලා ජිමින්ට හොදටම තේරුනා..

🐥 කලබල වෙන්න එපා ඒන්ජල්...චිම් ඉන්නවා..කියන්න ඔයාගේ බනී කොහෙද ??

ජිමින් හරිම ආදරෙන් එහෙම කතා කරනකොට හැමෝම කටවල් ඇරන් බලන් හිටියේ ජිමින් ටේහ්‍යුන් එක්ක එහෙම කතා කරන්නේ ඇයි කියලා.. ඒත් ජිමින්ටයි යූන්ගිටයි තේරුනා ටේහ්‍යුන් මේ වෙලේ ඉන්නේ අතීතේ උන දේවල් එක්ක හිත ශක්තිමත් කරගන්න සටන් කරන ගමන් කියලා.. මොකද ටේහ්‍යුනට ඒන්ජල් කියලා කිව්වාම ටේහ්‍යුන් ටිකකට ඉකි ගහන එක නැවැත්තුවා..

🐯 ච්..චිම් ස..සමනල්ලු...

අතීතයේ උන හැම සිදුවීමක්ම එකින් එක මතක් වෙන්න පටන් ගන්නකොට ටේහ්‍යුන්ගේ හිත බයෙන් වෙව්ලන්න පටන් ගත්තා..ටේහ්‍යුන් බය උනා එයාගේ චූටි බනී මේ වෙනකොට අනතුරක් වෙලා ඇති කියලා..කොච්චර හිතින් කතා කරන්න හැදුවත් ජන්ග්කුක්ගේ කිසිම ප්‍රතිචාරයක් නැති වෙනකොට ටේහ්‍යුන් හොදටම බය උනා...දරාගන්න බැරිම තැන අඩලා අඩලාම හෙම්බත් වෙලා හිටිය ටේහ්‍යුන් ජිමින්ගේ තුරුලේම සිහිය නැතුව වැටුනා..

🐥ටේහ්‍යුන්...
නැගිටින්න...

Kim Queen : අනේ මගේ මැණික 🥺🥺
ඇස් අරින්න රත්තරන්...ඔම්මාව බය කරන්න එපා.. මැණික...

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now