chapter 35

1.4K 266 8
                                    

🐯 බනි..බනී..
මේ දොර අරින්න...චෙබල්...
මන් කියන එක අහන්න බනී...දොර අරින්නකෝ..

🐥 කුක්..මේ දොර අරින්න ලමයෝ...
අනේ මේක අරින්නකෝ...

ටේහ්‍යුන් ,ජිමින් දෙන්නා හෙන වෙලේක ඉදන් දොරට ගැහුවත් දොර අරින පාටක් නැති නිසා යූන්ගි එක්ස්ට්‍රා කී එකක් අරන් එන්න ගියා..

🐯 බනී...අනේ මේ දොර අරින්න..
මන් කියන එක අහන්න බනී...මට ඔයාව අප්පිරිය නෑ...අනේ බනී...මේ දොර අරින්නකෝ...චේබල්..
අපි කතා කරමු...බනී...

🐱 ටේහ්‍යුන්...එහාට වෙන්න...
කෝ..

යූන්ගි දොර ලග ඉදන් අඩන ජිමින්වයි ටේහ්‍යුන්වයි අයින් කරලා ඉක්මනට දොර ඇරියේ ජන්ග්කුක් ඇතුලේ මොන විනාසයක් කරගෙන ඇතිද කියලා බයෙන්...

🐯 බ..බනි...

දොර ඇරපු ගමන් ටේහ්‍යුන් ජන්ග්කුක්ව බලාපොරොත්තුවෙන් හිටියාත් ටේහ්‍යුන් දැක්ක දේන් එයාගේ කකුල් පන නැතුව වැටුනා...මුලු කාමරේම පිස්සන් කොටුවක් වගේ...හැමතැනම බඩු විසික් වෙලා..ජන්ග්කුක් ඇදන් හිටපු පොඩි ස්කිනි එකයි ශෝර්ට් කලිසමයි චූටි කන් දෙකයි ඇද උඩ තිබ්බාට ජන්ග්කුක් පේන්න හිටියේ නෑ..

🐯 බ..බනි...
බනි...ඔයා කොහෙද ??

ටේහ්‍යුන් පිස්සුවෙන් වගේ මුලු කාමරේම හොයනවා..බාතෲම් එකටත් ගිහින් බැලුවා..ජිමින්ගේ කියලා වෙනසක් නෑ..එයාලා දෙන්නා කුනු බාස්කට් එකේ අල්මාරියේ පවා ජන්ග්කුක්ව හොයනවා..එතනින් සිහියට හිටියේ යූන්ගි විතරයි...එයා හිමීට වීදුරු බිත්තිය පැත්තට ගිහින් කර්ට්න්ස් එහාට කරලා බැලුවේ ජන්ග්කුක් එතනවත් ඉන්නවාද කියලා..ඒත් යූන්ගි දැක්ක දේ නිසා එයගේ කටින් වචන පිට උනෙත් නෑ..

🐱 ට්..ටේහ්‍යුන් එ..එයා ගිහින්...

යූන්ගි ගොත ගගා කියනකොට ජිමින් ටේහ්‍යුන් දෙන්නාම එතනට දුවන් ආවේ යූන්ගි කියපු දේ තේරුම් ගන්න බැරුව...ජන්ග්කුක් එතන වීදුරුව අතින් කඩලා...ලේ පාරවල් වීදුරුත් එක්ක තියෙනකොට ජන්ග්කුක් වීදුරුව අතින් කඩලා තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්..

Defenders Of The Degan || Taekook || Completed Where stories live. Discover now