02වන කොටස...

7.1K 1.2K 430
                                    

සද සේ දවසක නුඹ බැස යාවී..

කළුවරට අහසට දුක කියලා ..

හමුවුනු තැන්වල මල් සුපේවී..

හමුවන වෙන අය ගැන හිතලා .

වලාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා...

බලා හිදිමි දුක කාට කියන්නද

ඔබ අන්සතූ වුන දා.....ඔබ අන්සතු වුන දා.....

ඇස්වලින් පහලට වැටුන කදුලු බිංදුව ඇතුලෙ තිබුනෙ මගෙ වේදනාව විතරක්ම වෙනකොට වයර් දිගේ ආව චාමර වීරසිංහගෙ කටහඩ මාව තව ඇඩෙව්වා....

දැකල තියනවද හිත හයිය පිරිමි උනත් අඩා වැටෙනවා....හැමදාම මිනිස්සු දැක්කෙ ගෑනියෙක්ගෙ ප්‍රේමයක මලගමක් මිසක් පිරිමියෙක්ගෙ නොවෙනකොට බූට් කාපු  නංගිලාට දුක අහන අයියලා වැඩි උනත්....බූට් කාපු අයියලාව දැක්කෙ වෙන විදිහකට.....

මේක බූට් එකක් නෙවෙ....ඒත් තනිකරම අහිමි වීමක්....මට සතුටු වෙන්න තිබ්බා මං ඒකිට බොරු කෙරුවා නම්...මට සතුටු වෙන්න තිබ්බා මං මේ ගැහුවෙ ඩිග්‍රි එකක් නම්....ඒ උනත්....මට සතුට වෙනුවට ඉතිරි උනෙ දුකම විතරයි මොකද සනුහරේම එකතුවෙලා මගෙ ආදරෙ මරාගත්තා ......

ඉතින් ගෑනු පපුවකට විතරක් නෙවෙ පිරිමි පපුවට උනත් දැනෙනවා විරහා වේදනාව අහස උසට.....




නොනගතෙ ගෙවිලා ගිහින් රටටම අවුරුදු ලැබුවා ....ගමටම ....වලව්වට....රතිඤ්ඤා සද්දෙ මැද නහර පෑදුන අත්වලින් වයසක උන්දලා රබාන තලන්නෙ වී කුරුනියකට.....රුපියල් පන්සීයකට.....අවසානෙදි කෙසෙල් කොලේක එතුන කැවිලි මල්ලකට කියලා දන්නවා නම් ගමේ මිනිස්සු මොල්ලිගොඩ මැනිකෙට කෙල ගහයි     .....ඒ උනත්.....වලව්වෙ වහලට ඉහලින් කාක්කෙක් පවා පියාඹන්නෙ නැති කොට කව්ද මේවට මොකුත් කියන්නෙ.....

පහන් පැල පත්තු කරපු මං එතනින් කෙලින්ම ආවෙ පිලට වෙනකොට අවුරුදු ලබන කොටත් මම  උන්නෙ චාමර වීරසිංහ එක්ක....වෙනදට හැමදාම එන අලුත් අවුරුදු මැසේජ් එක අද නෑ.......

සුභම සුභ අලුත් අවුරුද්දක් මගෙ සුදු අයියේ....

මගෙ සුදු අයියෙ කියන වචනෙ ඇතුලෙ තිබුන ආදරේ ගැන උඩ ඉන්න දෙවියො පවා සාක්කි දේවි.......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now