24වන කොටස....(bonus )

5.3K 1K 263
                                    

තේ.....ශී........හ්හ්....




අනේ දළදා හාමුදුරුවනෙ...එපා....හ්හ්හ්...







මට එයාගෙන් ඇහුන අවසානම වචන ටික........දලදා හාමුදුරුවො පවා අසරන වෙන  වෙලාවල් තියනවා චූටි මහත්තයා....



වලාකුලු බැම්ම පහු කරන් මම වතුර  කදට යට වෙන්න යනකොට එයා විලාප තිබ්බා....

තේ....ශි....හ්හ්හ්........



ඒ එයා......වැවට පැනපු මගෙ අතින් අල්ලන් උන්නෙ එයා....මගෙ සර්වාංගෙම තිබුනෙ නුවර වැව ගිලගන්න බලාගන වෙනකොට එයා මගෙ අත දත් මිටිකාගන අල්ලන් උන්නා .......එයා දත් මිටි කාගනම මගෙ ඇගෙ බර තනි අතට අල්ලන් අනිත් අතෙන් බැම්ම අල්ලන් එයාගෙ බර දරන්න කකුල් වලට හයිය දුන්නා...

වි...තේ....න්.......මට...යන්න...දිය....න්....චූටි මහත්තයා.....

බෑ.....බෑ...මට...උඹට යන්න දෙන්න බෑ මගෙ සුදු අප්පෝ......මට උඹට යන්න දෙන්න බෑ.........මට...යන්න දෙන්න බෑ...මගෙ තේශි......අනෙ...දෙයි හාමුදුරුවනෙ...මට පිහිටවෙයල්ලකෝ...

එයා අඩනවා ..ඒ උනත් වැහි වතුරට ඒ ඇස්වල කදුලු කාටත් හොරාවට හෝදන් යනවා.....මම අඩනවා..මගෙ ඇස්වල කදුලු නුවර වැව ගිල ගන්නවා....මේ මහ වැස්සෙ එයා මාව අල්ලගන තිස් තුන්කෝටියකගෙ හයිය ඒ අත්වලට ඉල්ලුවා....

මට උඹට යන්න දෙන්න බෑ.....මගෙ සුදු අප්පො...අනේ...මාව දාලා යන්න හිත හදාගත්තෙ කොහොමද රත්තරනේ   මමයි වැරදි...මමයි වැරදි.....උඹව එක මොහොතකට හරි තනි කරපු මමයි වැරදි මගෙ දෙයියො.....

එයා අඩ අඩ කෑගහනවා......

මට ජීවත් වෙන්න ආසා හිතුනා...... අනේ..දෙවියනේ...මට ජීවත් වෙන්න ආසා හිතුනා.....අඩන්න එපා මගෙ පන මම යන්නෙ නෑ කියලා කියන ගමන් මේ වැස්සෙම තුරුල් කර ගන්න ඕනා උනා.....ඒත්.....දෛවය කොයි තරන් නම් නපුරුද කියනවා නම් වැහි වතුරට මගෙ විතේන්ගෙ කකුල් වල හයිය හෝදන් ගියා....වැහි වතුරට මාව අල්ලන් උන්න ඒ අත් ලෙස්සෙන්න ආවා......පැත්තකින් පැල්මක් තිබුන වලාකුලු බැම්මෙ එයාගෙයි මගෙයි බරට තවත් පිපිරුමේ කට ඇරුනා.......අනිවාර්යයෙන්ම එයාව මාවත් එක්කම වැටේවි.........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now