82 වනකොටස

3.7K 835 263
                                    

අප්පච්චි ......

මම මගෙ අප්පච්චිව අල්ලගත්තා ......

එයාගෙ තාත්තගෙ ඇස්වල තිබුනෙ මොන ජාතියෙ හැගීමක්ද කියන්න මම දන්නෙ නෑ ..එයා වගේම මම දෙතැනක හිර උනා...

තාත්ති ඇති... ... අනේ ප්ලීස් තාත්ති ඇති.......

මගෙ විතේන් ගෙයි දොරකොඩ මගෙ අප්පච්චිට වගේම එයාගෙ තාත්තට මැදි වෙලා ඉදන් දෙන්නව දෙපැත්තට තල්ලු කරනවා....එයාගෙ තාත්තා ගැහුවා උනත් මගෙ අප්පච්චි නෙවෙ කටක් ඇරියෙ....මගෙ අප්පච්චි නෙවෙ ආපිට ගැහුවෙ.....

පහන් ඇති... ප්ලීස් නවත්තන්න....ඔයා ආවෙ රන්ඩු වෙන්න බලන් නම්....දෙයියන්ගෙ නාමෙට වෙන කොහෙට හරි ගිහින් මරාගන්න....මේ දරුවො ඉස්සරහා නැතුව වෙන ඕන තැනක ගිහින් මරාගන්න .....

රසානි....පැත්තකට වෙන්න රසානි....

පහන් එයාට එයාට මොකුත් කරන්න එපා....ප්‍රශ්නෙ තියෙන්නෙ මා එක්ක නම් මා එක්ක බේරගන්නවා එයාට අත තියන්නෙ නැතිව....

අනේ අප්පච්චි ......අප්පච්චි නවත්තන්නකො.....

තාත්තී.....තාත්තී...අම්මි....අම්මී.....අනෙ අම්මි නවත්තන්නකෝ.........අනෙ සුදුමහත්තයා අප්පච්චිව ගන්නකෝ ..අනේ තාත්තීහ්.....දෙයියන්ගෙ නාමෙට නවත්තපියව් ...තොපි ඔක්කොම නවත්තපියව් ......

විතේන් .....විතේන් ....

නවත්තපියව් .....තොපි ඔක්කොම නවත්තපියව් .....සුදු මහත්තයා මාව අතෑරපන්.......

අප්පච්චි දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න අප්පච්චි ....වදින්නම්...මගෙ කොල්ලට උන...

එයාගෙ තාත්තා මගෙ අප්පච්චි එක්ක රන්ඩු කරන්න හදනකොට එයාගෙ අම්මා මැදට පැන්නා වගේම එයාගෙ තාත්තා අම්මව තල්ලු කරලා අරිනවා එක්කම මගෙ අප්පච්චි එයාගෙ අප්පච්චි එක්ක මරාගන්න හදනකොට මේ ඔක්කොම මැදට වෙලා උන්න මගෙ විතේන්ට ඉවසන්නම බැරිම තැනද මන්දා එයා එතන තිබුන වීදුරු රැක් එකක් පෙරලුවා...අම්මා තාත්තට ගහගන්න බැරි කමට එයා ඒ තිබුන බඩු ඔක්කොම කුඩු පට්ටන් කරනකොට මං එයාව ඇදලා අරන් තුරුල් කරන් කෑ ගැහුවා වගේම මරාගන්න ගියපු අය පැත්තට වෙනකොට මං එයාව එක්කන් ගියා ...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now