56වන කොටස...

3.9K 902 268
                                    

මගෙ...මැනිකේ.......හ්හ්හ්හ්හ්

සෙංකඩගල අහසෙ හෙන හතක් පිපිරුවා.....මම තවමත් මඩ පෙරාගන දියබත් උන රන්මලිගෙ මලකද බදන් උන්නා.......

මැනිකගෙ විලාපය මිහිපිට හිතක් පපුවක් තියන මනුස්සයෙක්ට අහන් ඉන්න බැරි වෙනකොට මම ගස්කොලන් අස්සෙන්  පේන කහපාටින් දිලිහුන දලදාව දිහා බලන් උන්නා......

ඒකිගෙ හුස්ම යනකොටවත් ඒ හුස්ම උදුරගන්න හොද නෑ කියලා හිතුන් නැතිද දලදා හාමුදුරුවනේ.....

මල් කඩන්න වැවට ගිය ඒකිගෙ කෝටු අත්වල හයිය ගැන දැන දැනමන් ඔරුව මුනින් අත ගහනකොට ඔරු කදෙ පොඩි ඔලුව වදිනකොට මාව බේරගන්න කියලා කෑගහන්න ඇරපු කටටම වතුර පිරෙනකොටවත්....කරුනාවෙන් අඩවන් උන ඇස් ඇරුනෙ නැතිද හාමුදුරුවනෙ.....

හතර පෝයටම සිල් ගන්න නාවත්.....ගෙදර තිබුන පහන් පැලේ පහනක් තියලා කප්පරක් දේවල් නොයිල්ල ලාබෙට පහනක් පත්තු කෙරුවටද හාමුදුරුවනේ මේ හුස්ම උදුර ගත්තෙ......

එතනා මැරෙන්න හදනවා...මිනිස්සු ඒකිව වත්තම් කරගන්නවා......සිහිය පත නැති උන මැනිකගෙ සිහිය එනවා යනවා.......එනවා යනවා....."ගැට දෙක හොලව හොලව දුවනවා" කියලා විහිලු කරපු මටම තවමත් යට ඇදුමක් නොඇන්ද වතුරෙන් පෙගුන කැකුලු දෙතන  මගෙ පපුවට හිර වෙනකොට මට කෑ ගහලා කියන්න හිතුනා මම ආයම කවදාවත් විහිලු කරන් නෑ මැනිකේ ඇහැරියන් කියලා .........උඹට විහිලුවක් කෙරුවත් මෙ හිතේ කවදාවත් අහිතක් තිබුන් නෑ කියන්න හිතුනා......මම ඒකිව පපුවටම තුරුල් කරන් උන්නා....වතුරෙන් පෙගුන මුන සුදු මැලිවෙලා ඇස්දෙක බාගෙට ඇරිලා තිබුනා.....

දැන් ඉතින්...කව්ද...මට..බේබි...හාමු..කියන්නෙ...මැනිකේ.......අල්ලට ගත්තු සීනි අහුරට ආය මම කවදා කියලා බලෙන් එබෙන්නද......ඇහැරියන් රත්තරන් ...කියපන්....බේබි..හාමු...මේක හීනයක්...කියලා ......මට...කියපන්...බේබි....හාමු........මේක....හීනය...ක්.......විතර...මයි...කියලා...............අනේ.........කියපන්........මැනිකේ........අදින්...පස්සෙ...කව්ද...මං....ආවම....එබිකන්..කරන්නෙ..........මගෙ
..බේබි...හාමුට....දලදා....හාමුදු...රුවන්ගෙ....පිහිටයි....කියන්නෙ........මට..බැරි...උනා...මට...බැරි...උනානෙ...උඹව....එක්ක...යන්න.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now