37වන කොටස...

6K 980 630
                                    

අප්පච්චි  .....මෙයාව අරන් එන්න මං යන්නම් අරූට පොල් ගහයි මැනිකෙලා ටික...

මං කකා උන්න එක පැත්තක දාලා යන්න හදිසි උනා වගේම අප්පච්චි මාව ආයම ඉන්දෙව්වා ..

යන තැනක කාලා යමන් නිතේශ් ..ඔවුන් කරන්නෙ උඹෙ ඇගෙ ලේ පුච්චන එක...නැත්තන් අච්චර අර නුවර සැලෝන් තියන් මෙහෙ එන්න ඕන් නෑනෙ ...අනික අත්තම්මලාට ඕනෙ පොඩීගෙ මගුල අස්සෙ.......

අප්පච්චි අන අන බත් කට විතේන්ගෙ කටට ලන් කරලා කියන්න ගිය දේ නැවැත්තුවා ..හැබැයි අප්පච්චි කියන්න ගිහින් බාගෙට නැවැත්තුවෙ මොකක්ද කියන්න මං දන්නවා....මට මගෙ විතේන් දිහා බැලුනා ...පව් මගෙ අහිංසකයා....මං අප්පච්චි දිහා බලලා ඇස් හීනි කෙරුවා ..මෙච්චර වේදනා විදලා ඉන්නකොට මට ඒ හිතට තවත් දුක් දෙන්න හිතුන් නැතිවෙනකොට මං එයාගෙ බත්  හින්දා ඉස්සුන කම්මුල මගෙ පිට අල්ලෙන් හිමින් පිරිමැද්දා .....මගෙ පන මේ ඉන්නෙ....





අප්පච්චි ...මොකක් හරි උනෝතින් මං මගෙ කොල්ලව අරන් කොහෙ හරි යන්නද අප්පච්චි ....??

අප්පච්චි ගෙ පිහිටෙන් බඩ පිරෙන්න කාලා බෙහෙත් වේල බීපු මගෙ විතේන් ගෙදර යන්න ඇදුම් මාරු කරනගමන් උන්නා .....අප්පච්චි අතර මග නතරකරපු කතාව මගෙ  ඔලුව කනකොට මං එයාට නෑහෙන්න අප්පච්චිගෙන් අගනකොට එයා හුස්මක් අරන් අහස දිහා බැලුවා .....

සුදු මහත්තයා  .....කරන්න කලින් හිතන්න එපා...මොකද ......එහෙම උනා නම්....අද නිතේශ් කෙනෙකුත් නෑ විතේන් කෙනෙකුත් නෑ ...

මං අප්පච්චි දිහා බැලුවා....ඒ කියන්නෙ අප්පච්චිත්....එයාගෙ අම්මව අරන් යන්න බලන් ඉදලද???සෑහෙන්න වෙලා ඈත  බලන් උන්න අප්පච්චි මගෙ අත උඩින් අත තිබ්බා එයා මගෙ අතෙ තිබුන මුද්ද දැක්කා ...ඒත් අප්පච්චි නෙවෙ වචනයක් කිව්වෙ ...එයා කියන්න හදන හුගක් දේවල් හිතෙ හංගන් ඉන්නකොට මං අප්පච්චි දිහා බැලුවා ...

අප්පච්චි  ....

ම්ම්ම්ම්ම්ම්

ඔය...දෙන්නා හුගක් ආදරෙන් ඉන්නඇති....

එයා හිනා උනා...සමච්චල් හිනාවක් නම් නෙවෙ මාරම ආදරනීය හිනාවක් හරියටම මගෙ මූනෙ  කලාතුරකින් ඇදෙන හිනාව වගෙ.....සල්ලි දීලවත් හිනාවක් ගන්න බැරි මගෙ මූනෙ ඇදෙන හිනාව තනිකරම මගෙ අප්පච්චි වගේම වෙනකොට මම මගෙ ගාව උන්න..අත්තීත " නිතේශ්  සෙයෝන් " දිහා බලන් උන්නා ....

BREATH OF LIFE (Complete)Kde žijí příběhy. Začni objevovat