73වන කොටස..

3.4K 829 464
                                    

විතේන්  . ....

එයාව එහෙම්ම ඇදගන වැටුනා.....අඩ අඩ මට  බැන බැන හිතේ දුක පිට කරකර උන්න එයාටත් තවත් උහුලන්නම බැරිම තැන එයාව ඇදගන වැටුනා....

විතේ.....න්....සුදු මැනික....අනේ....මැනික කතා කරපන්කෝ....

එයාව උස්ස ගත්තු මම සෝෆාව උඩින් තියලා පුලුවන් තරන් වතුර ගෑවා...ඒ උනත් එයා නෙවෙ ඇස් ඇරියෙ.....මිනිස්සු කලබල උනාම කොරොස් කටෙත් අතදාගන්න බෑ කියලා අහලා තිබුනට ඒ හැගීම කවදාවත් නොවිදපු මට අද ඒ වචනෙ ඇතුලෙ තිබුන හැම අකුරකම හැගීම් දැනෙන්න ගත්තා අතට ගත්තු වතුර බෝතලේ බිම වැටිලා හැලිලා ගියා... තනිකරම කුඩු මදිවෙලා සික් එකහැදුන එකා වගේ මම බය වෙලා උන්නා වගේම සෙනාරි මේ වෙලාවෙ මගෙ ඇස් ඉස්සරහට ආවොත් ඒකිව මරන තරම් තරහවක් මගෙ පපුවෙ තිබුනා   

විතේන් ...විතේන්  .අනේ මැනික ....විතේන්.....

එයා ඇස් අරින් නෑ...එයා නෙවෙ ඇස් අරින්නෙ...

"මචන් ඌ මැරෙන්න වැටිලා උන්න කොල්ලෙක්......"

"ඌ දුක් විදපු කොල්ලෙක්...."

ශෙනෝන්ගෙ වචන පුදුමාකාර තරම් මට වද දෙනකොට මට කර කියා ගන්න දෙයක් නැති උනා....වතුර බූලයක් මූනට හැලුවත් එයාගෙ සිහිය ගන්න බැරිම උනතැන මට කරන්න උනේ දොස්තර ඵිට පතන එක විතරක්ක්ම වෙනකොට මම කොල්ලව ආයම උස්ස ගත්තා ....

නිතේ....ස්....අයියේ.....

මම.එයාව උස්ස ගන්නවා එක්කම ආවෙ ගඩාපියා වෙනකොට ඌ මගෙ මූන...ඇස්වල තිබුන තරහව වේදනාව මේ ඔක්කොම දැකපු ගඩාපියා ආයම අඩියක් පස්සට තිබ්බා...

තොපිට දැන් සතුටු ඇති නේ  ...

නිතෙ   ස්....අයියෙ...

නිතේස් අයියෙ   නිතේස් පයියෙ තමා තොපි දෙන්නම ඒ හදිසියට අරගන කේලම කනේ තියලා දැන් මොන මගුලටද  යකො ගොත ගගහා මෙහෙ ලගින්ඩ එන්නෙ....පලයව් යන්ඩ ...තොපිට මම කෙරුවා වැඩි උන හින්දද මට මෙහෙම කරන්නෙ......

මම ගඩාපියට කුනු හර්පෙන් බැන්නා...තිත්තම තිත්ත කුනු හර්පෙන් බැන්නා...ඒකගෙ මූන බලාගන ඉන්න කොට කලු වෙලා ගියා වගේම ඒ ඇස්වලට කදුලු පිරුනා...මට නෙවෙ ඒත් දුක හිතුනේ......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now