58වන කොටස..

4K 867 313
                                    

සුදු මහත්තයා ...මොකද  ඇයි...මොකද වෙලා තියෙන්නෙ.....

මම ඵෝන් එක අතේ තියන් සෑහෙන්න  වෙලාවක් බලන් උන්නා....

පොඩීව වැටිලා....

දෙයියනෙ....ඒකිට අමාරුවක් නැලුනේද.....

මම මේසෙට හේත්තු වෙලා නලල මිරිකගත්තා වගේම එයා මගෙ ගාවට ආවා...

සුදු මහත්තයා ....කියන්නකො...ඒකිට අමාරුවක් නෑලුද....

එයා මාව හෙලෙව්වා...එක පාරක් දෙපාරක් නෙවෙ....එයා මගෙන් උත්තර ඉල්ලනකොට මම එහෙම්ම එයාගෙ පපුව මැදට මුන ගැහුවා....

ඒකිගෙ බබා නැතිවෙලාලු විතේන්........

අනේ....

විතේන් ...මං...ඒකිට බැන්නට...නුපන් දරුවා එක්ක තුන් හිතකවත් තරහක් තිබුන් නෑ ...මං ඊයෙ පෙරේදා කියපුවා පඩිසන් දීලද මන්දා මැනිකේ....

තත්පර ගානකට මාව කරකවලා අතෑරියා වගේ උනා...එයා මගෙන් ඉවරයක් නැතුවම ප්‍රශ්න ඇහුවා..මට දැනුනෙ එයාගෙයි මගෙයි ලමයා නැති උනා වගේ හැගීමක් වෙනකොට මම එහෙම්ම ගිහින් ඇද උඩට පෙරලුනා....ඒකිව සොල්දරෙන් පහලට ලෙස්සලා වැටිලලු...මේකි කොහෙද සොල්දර උඩ බඩගාන්න ගියේ......සමහර විට.....අනේ මන්දා.......මම කියපු වචන මගෙම පපුවට පුදුමාකාර තරම් බර වෙනකොට එයා මගෙ ගාවට ඇවිත් මට එහාපැත්තෙන් දිගා උනා..ඒක මම දැක්කෙ නෑ...මට දැනුනා....මම.ඇස් වහන් මුනින් අතට උන්නෙ වෙනකොට එයා මගෙ ඇදන් උන්න ටීශර්ට් එක අස්සෙන් අතදාලා පිට දිගෙ අතගෑවා....

සුදු මහත්තයා ....

ම්න්.......

මොනව වෙලාද......

එයා ආයම මගෙන් අහනකොට මම එයාගෙ පැත්තට හැරුනා වගේම මම උත්තර දෙන්න කලින් එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා....

ඒකිට එහෙම උනෙ මම නිසාද විතේන් ...

තේශී....උඹ එවෙලෙ කියෙව්වෙ හිතේ තියන වේදනාවට මිසක්...වෙන දෙකට නෙවෙනෙ...අනික...අනුන්ගෙ පව් මොකටද උඹගෙ කරට ගන්නෙ.....??දැන් මොනවා කරන්න ගිහින්ද.ඕකිව වැටිලා තියෙන්නෙ. .අනික...අම්මෙක් උනාහම තැම්පත් වෙන්න ඕනා......මේ ගෑනුන්ගෙ එහෙම දෙයක් ගෑවිලාවත් නෑ...මං හොද වැඩේ කියනවා නෙවෙ සුදු මහත්තයා ...මැනිකගෙ ඇස්වලින් වැටුන කදුලු වලට ඒකි ගහපු පලිවල හැටියට උඩ ඉන්න තිස්තුන් කෝටියටම පස්ස හරවන් ඉන්න බැරි වෙන්න ඇති....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now