59 වන කොටස...

4K 889 299
                                    

"බේබි හාමු මට සමාවෙන්න....." මැනිකගෙ වචන මගෙ හිතට මට නොතේරෙන අමුත්තක් ගේන කොට මම හැරිලා බැලුවා....ඒකිගෙ ඇස් දෙක තිබුනෙ පාරෙ යන වාහන ගාව වෙද්දි එතනා මොන මොනවදෝ කිව්වා...ඇඩුවා..........මම එතනා දිහා බලලා කතා කරන්න හැදුවා උනත් විතේන්ගෙන් ආව කෝල් එක එක්ක මට එතනා එක්ක කතා කරගන්න බැරි උනා...

හොලෝ...කියන්න විතේන් මේ එන ගමන්....

සුදු මහත්තයා ...පාන් ඉවරයි...

මන්..මං මොනවා හරි ගේන්නම්....

මම සැරින් සැරේම කන්නාඩිය දිහා බලාගෙන එයාගෙ ප්‍රශ්නවලට උත්තර දුන්නා ....මැනිකා ඉන්නේම බර කල්පනාවක වෙනකොට මම ඇටගැහුන බෙල්ලෙ තිබුන සුරේ දිහා බලන් උන්නා.......එතනා සැරින් සැරේම ආවද....ආවද....කෙල්ල ආවද කෝ මෙ කෙල්ල ගගා පොඩි කෙල්ලව අහනකොට මගෙ ඔලුව අවංකවම වේදනා දෙන්න ගත්තා ....

මැනිකා....මොනවද කන්නෙ.....?

මම බේකරිය ගාවින් කාර් එක නැවැත්තුවා....තිබුන හදිසියට සරම පිටින් ආවා උනත් දෙයියන්ට පින් දෙන්න මම ඇදන් උන්නෙ අලුත් සරමක් නිසා මේ කොළඹ මගෙ සායම ඉතිරි උනා...

මස් මාලු පිලී ඇරෙන්න...ඕන...දෙයක් බේබි හාමු.....

මම මැනිකා දිහා බැලුවා...

ඔය ඇගේ කටු වැහෙන්නවත් කාපන්.උඹ ඉන්නෙ වලව්වෙ නෙවෙනෙ....අනික බය නැතුව කාපන්..මම කන්න බොන්න දීලා උඹෙන් වැඩ ගන්නෙ නෑ....

නෑ...හාමු....පිලී අකැපයිනෙ....

මම එන්න හැරුනා....කෙල්ලගෙ හත්දොහෙ හින්දද දන්නෙ නෑ.....ගොඩමස් අකැපයි තමයි පාලොස් දොහෙන් නම් කමක් නෑ...එකිට මාලුත් එපාලු...බිත්තරත් එපාලු....එහෙනම්.ඉතින් එලවලු බනිස් තමයි......

මම අපේ ගෙදරටයි...පහල ගෙදරටයි දෙගොල්ලන්ටම අරන් ආයම විතේන්ට කෝල් එකක් ගත්තා....

හෙලෝ ..තේශි...

විතෙන්...දවස් දෙක තුනකට ඔයාගෙ ගෙදර දෙන්න බැරිද.....මැනිකලාට ගෙයක් හොයා ගන්නකන්....??

දෙන්නම්.....

ම්න්....

කෝ...කොහෙද....රන්මලේ......රන්මලියෝ........කොහෙද ..ඉන්නෙ...රන්මලියෝ.......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now