51වන කොටස...

4.3K 887 324
                                    

සුදු අප්පො....මාව බිමින් තියන්න  මගෙ කකුල කැඩිලා නෑනෙ....

මග දිගට අධිප්‍රෝටීන් ඉල්ලපු එයා මගෙන් පිට රත්වෙන්න ඩෑස් එකක් කාලා මීයා වගේ උන්නා...ඇත්තටම ඒකා තරහා උනා....මුරන්ඩුවා......අර නලින් කියන මනුස්සයට සම්මානයක් දෙන්න ඕනා මෙකාගෙ ගාව ඉන්නවට....ඒ කොහොම උනත් මම දන්නවා...අදීශයට පපුවෙ අමාරුව හදවන්න ඇත්තෙ මගෙ එකාම කියලා .....එයා ගුටිය කාලා අහක බලන් ඉන්නකොට මම එයාව ගිහින් උස්ස ගත්තා

මේක ගඩාපියට හපන්....ගඩාපියව නම් මාරි විස්කෝතුවකින් යාලු කරගන්න පුලුවන් ඒත් මේකව.....එයා මැරෙන්න හදනවා බිමින් තියන්න කියලා....ඒ අස්සෙන් නුවරට වහිනවා ....සකුරා කාලෙට ජපානෙම චෙරි මල් වලින් වැහෙන්නෙ කොයි වගේද බක්මහට මුලු නුවරම ලස්සන වෙනවා...පාර දෙපැත්තෙ තියන ගිනිසීරියා ගස් වල දම්පාට මල්.....මැයි මල්.....නමක් නොදන්න මල්...රෝස පාටින් පිපුන රොබොරෝසියා මල්....මේ හැම දේම නුවරට ආදරේ කරන්න හේතු ගෙනවා.....

කියන්න දන්නෙ නෑ...මගෙ ජීවිතේ මම අඩපුම තැන් තිබුනෙ මේ නුවර......හිනා උන තැන් තිබුනෙ මේ නුවර......හිත නිවුන තැන්.....හිත ගිනි අවුලපු තැන්...මේ හැම දේම තිබුනෙ නුවර....

මගෙ අප්පච්චිට එයාගෙ අම්මව හම්බ උනේ නුවර.....එයාව නැති උනේ නුවර.....

මට සෙනාරිව හම්බ් උනේ නුවර....
එයාව නැති උනෙ  නුවර....

මට විතේන්ව හම්බ උනේ ගෙන්දගම් පොලවෙ....

ඒත්...මට ඒ ආදරේ හම්බ උනේ....මේ නුවර......එයාට තේශිව හමබ උනේ මේ නුවර........

ඉතින්....අඩන්න හේතු දාහක් දුන්න මේ නුවරම....නුවරට  ආදරේ කරන්න තවත් හේතු දෙනකොට මට බැරි උනා කවදාවත් නුවරට ආදරේ නොකර ඉන්න......

එයාව මං උස්ස ගත්තා උනත් එයා බැස්සා....ලාවට යන පොද වැස්සට මං තෙමුනත්..මට එයාව තෙමන්න බැරි වෙනකොට මං ඇතුලට යන්න හැරුනා...එත් පිටිපස්සෙන් ඇහුන හිනහා වෙන සද්දෙ එක්ක මං හැරිලා බැලුවා ...

පැටලුන අත් දෙකක්....විලුඹ ලගට දිග සාය මඩ ගෑවෙයි කියලා උස්සල අල්ල ගත්තු ගෑනු අතක්....මං බලන් උන්නා....ඒ දෙන්නා වැස්සෙ තෙමනවා මාත් ඒ චුරු චුරු වැස්සට තෙමුනා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now