25වන කොටස...

6.1K 1K 455
                                    

එයා මාව තුරුල් කරගත්තා ......ටීක් ටීක් ගාන මැශින් ගොඩ මැදම මාව තුරුල් කරගත්තා .....මරනෙන් ගොඩ ආව මිනිහෙක් විදිහට මම ආයම එයාගෙ පිරිමි පපුව මැදම ඉපදුනා කිව්වොත් හරි.........

මගෙ සුදු මහත්තයා ....උඹ ආයම කවදාවත් මාව දාලා යන්නෙ නෑනේදමගෙ සුදු අප්පො......

කව...දාවත් ...නෑ......පන......

මට ලැජ්ජාවක් දැනුනා.....ඒක ලැජ්ජාවක් කියනවටත් වඩා මහ අමුතු හැගමක් ගෙනාවා..."පන...." ඒ වචනෙ මට ආගන්තුකයි ...හැබැයි.....පුදුමාකාර තරම් හදවතට සමීපයි. ..එයාගෙ අත් දෙකට නිවනක් නැතිවම මගෙ ඔලුව අතගානවා......සුදුරෙද්දකින් විතරක් වැහුන නිරුවත පුරාවටම යනවා....රෙද්ද උඩින් එයාගෙ අත ගියා උනත් මගෙ සර්වාංගෙම ඒ හැම  ස්පර්ශයක්ම  හිරිවැට්ටුවා......

මම බලන් උන්නා...එයාගෙ ඇස් දෙක ලෝබ කමෙන් පිරිලා...මට අහන්නවත් ඕන උනේ නෑ "උඹ මාව දාලා කොහෙ මගුලෙද යකො ගියේ" කියලා.....මට වේදනයි...මට දැනුන වේදනාවට මට බනින්න ඕනා උනත්....මේ මනුස්සයා මට දෙන්නෙ එසේ මෙසේ ආදරයක් නොවෙනකොට මට ඒ ආදරේ ඉස්සරහා දිය වෙන්න උනා......

සුදු අප්පො......

ම්ම්ම්....

එයා මට කතා කරනවා...ලෝබ කම පිරුන ඇස් හිනා වෙනවා....එයා මට සුදු අප්පො කියනකොට .....බබා...පැටියා කියනවට  වඩා මහ ආදරනීය බවක් දැනුනා...බබා....පැටියා...ඇත්තටම එ වචන හොදයි...තවමත් ආදරෙ කරන්න ඉගන ගන්න උන්ට.....මට ඕනේ පොඩි දේටත් මරා ගන්න ආදරේකට වඩා පරිනත ආදරයක්.....සුදු මහත්තයා .....සුදු අප්පො....මැනික.....තේශි....මේ වචන ඇත්තටම මගෙ හදවත සතුටින් තිබ්බා.....

එයා මට සුදු අප්පො කියලා කතා කරනකොට මම ඇහෙන නෑහෙන ගානට මාස්ක් එක අස්සෙන් ඇයි කියලා උත්තර බැන්දා.....

මන් මේක එක තත්පරේකට ගැලෙව්වොත්....හුස්ම ගන්න පුලුවන්ද මහත්තයා .....

..............

ඇස් ලොකු කරගන්න එපා මැනික..මට උඹට හාදුවක් තියන්න ඕනේ.....

එයා හාදුවක් ඉල්ලනවා.... ඉතින් මෙච්චර කල්ම එයා හාදුවක් තියනකොට මම කෙරුවෙ මගෙ කට සිල් කර ගත්තු එක වෙනකොට  අද නොදී කොහොමද මම මගෙ මාස්ක් එක පහත් කරනකොට එයා මං දිහා  බලන් ඉදලා හිනා උනා......

BREATH OF LIFE (Complete)Wo Geschichten leben. Entdecke jetzt