116 වන කොටස..

5.3K 823 271
                                    

මම බිනරිගෙ දරුවා දිහා බලන් උන්නා......චුටි අතපය ....ඇබිත්තන් ඇගිලි අකුලන් කොල්ලා නිදාගන උන්නා.....චූටි මැනිකක්.......බිනරි ගාව අම්මා ඉන්නකොට කාවයියා මොන මොනවදෝ කිය කිය ඒකිට මොනවා හරි රස්නෙන් පෙව්වා ..........

මගෙ විතේන්ගෙ උකුලෙ ඉදන් උන්න කොල්ලා නිදි මතට ඇස් දෙක පොඩ් කර කර ඈනුම් අරිනවා...මං බිනරි දිහා බැලුවා...ලමයා දිහා බැලුවා......ඒකි ස්ටෙෆාන් වලු මැරි කෙරුවෙ........ස්ටෙෆාන් කියන්නෙ අම්මගෙ පුතෙක්.........එතකොට ඒකිට ඇයි බැරි උනේ මං අසරන වෙලා උන්න වෙලේ සුදු අයියෙ මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා වචනෙකින් වත් උදව් කරන්න.......

මං මගෙ විතේන් දිහා බැලුවා එයාගෙ තාතතා හරි අම්මා හරි කියලා තිබුනා නම් මට වත් මගෙ අප්පච්චිටවත් එයාලා ගැන කියන්න එපා කියලා ......

ඒත් මම අයියා ....ඒකිව පන්නන් ඇවිත් හැම කුනටම කර ගැහුවෙ මම...මට කියන්න තිබුනා .....

මම ඒකි දිහා බලන් උන්නා.....

එගොඩින් මෙගොඩට ගියාට පස්සෙ ඒදන්ඩට පයින් ගහනවා නම්.......

කමක් නෑ.....මම ඒකිගෙ ජීවිතේ එහෙම හරි බේරුවා ....නැත්තන් ඒකිට වෙන්නෙත් පොඩීලට උන දේ තමා....ඒකිට අද ඒ දේවල් අමතක ඇති....අමතකයි කියන්න බෑ...මොකද ඒකි මැරිලා ඉපදුන්නෑ.....හෙනගහලත් හුස්ම ගන්න මටම මතක නම්.......

කමක් නෑ.....මිනිස්සු වෙනස් වෙන හැටි මිනිස්සු මග අරින හැටි........මෙ හැම දේම මම මිගෙ උන්ගෙම්ම දැනගත්තා .....

විතේන් ඔයා බලලා එන්න මම ලමයව අරන් පහලට යන්නම්....

ඔයා යන්නෙ නැද්ද එයා ගාවට...

ම්ම්ම්...නෑ.......මං යන්නෙ නෑ...

ඇයි සුදු මහත්තයා ඒ ...ඒ නංගිනෙ...පව්නෙ.........එයාට එයාගෙයි කියන්න ඉන්නෙ ඔයයි අප්පච්චි විතරයි තේශී....

ම්න්....ඒක ඇත්ත....හැබැයි මටත් කාලයක් තිබුනා මගෙයි කියන්න කිසිම කෙනෙක් නොයිදපු........මට සහෝදර කැක්කුම තිබුනට....එයාට නැත්තන්......මටඑතනින් එහා දෙයක් එපා මැනිකෙ...මට බිනරී මගෙ නංගි කියලා කියවෙන්නෙ ඉබේටම උනාට...ඒකි සුදු අයියෙ කියලා කතා කරන්නෙ හිතලා නම්......එතන ඇති බැදීමක් නෑ.......ඔයා එයා එක්ක කතා කරලා එන්න....මම ලමයා එක්ක පහල ඉන්නම්....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now