65වන කොටස...

3.8K 856 245
                                    

සුනීතා.....අයියෝ......සුනීතා ...........

මම අහගන උන්නා...අත්තම්මා විලාප තියනවා...මුලු ඉලව්වටම උන්නෙ.දැරනියගල උනුයි මොල්ලිගොඩයොයි විතරක් වෙනකොට අඩුම ගානෙ මිනිහගෙ පැත්තෙ උන් වත් උන්නෙ නෑ....

සුදු මේස් දාපු කකුල් දෙක......සුදු පාට කපු ඔසරි බාගෙ...හැට්ටා බාගෙ...සාක්කු නැති පිට පලු නැති මිනි ඇදුඅ ඇදන් උන්න සුනීතම්මගෙ මල කද අවංකවම  මට කිසිම හැගීමක් දුන්නෙ නෑ....අඩන්නද...හිනා වෙන්නද..මොනව හරි කියන්නද කියලා...

හැබැයි මම එකෙ දෙයක් තේරුම් ගත්තා .....පව් කරනකොට රස උනාට.....කරත්තෙට  බැදපු ගොනාගෙ පස්සෙන් රෝදෙ එනවා වගේ කර්මෙ පස්සෙ පිටි පස්සෙන් එනකොට උන්ට දුවන්න පාරවල් නැතුව ගියා...අඩුම ගානෙ මිනියට කරගහන්න වත් කෙනෙක් හොයන්න නැති උනා... ..

ඉලව් සුවද මුලු වලව්වම වහ ගන්නකොට  මල බතට වට්ටක්කා කපන්න එකෙක් නැති උනා....දංකුඩ ගිලපු   මැනිකා යන්න ගිහිල්ලා.....එතනා ඇස් වහන්........ඇයි උන්ට යන්න උනේ.....??

රන්මලියා හින්දා.....

ඇයි රන්මලියා නැති උනෙ.....

පොඩීලගෙ අමු සක්කිලි වැඩ හින්දා....අන්න එදා ඉදන් තමා හැම දේටම පාර කැපුනෙ වෙනකොට අත්තම්මා සුනීමමා ගාවින් හෙළ වෙන්නෙ නැතිව බලන් උන්නා....

මට අහන්න හිතුනා....උඹට දරු දුකද කියලා.....

මට අහන්න හිතුනා උඹගෙ පපුවට වේදනායිද කියලා ...

මට අහන්න හිතුනා උඹත් ඒකි ආය ඇස් අරිනකන් බලන් ඉන්නවද කියලා....

අහන්න හිතුනා උඹෙත් පපුව හත් කඩකට පැලුනද කියලා...

මේ හැම දේටම හේතුව අම්මෙක්ගෙ දරු දුක නේද අහන්න හිතුනා....සුදූට දරුවා නැති කෙරුවා.....එ  දරුවා නැති උණ් නෑ...මුන් නැති කෙරුවා....රන් මලී නැති උනා...නැති උන් නෑ...මුන් නැති කෙරුවා.....ඉති....ඇස් හතරකින් වැටුනෙම නිර්දෝශීම කදුලු වෙනකොට උන් උන්ගෙ දරුවන්ව උන්ගෙන් ඉදිරුවා.....

පොඩී පිස්සෙක් නොවි පිස්සෙක් උනා...සුදු අක්කා හා සමානවම.....

අත්තම්මා පිස්සෙක් නොවී පිස්සෙක් උනා....මැනිකා හා සමානවම......ඒ හැම දේම සාදාරනයි කියලා කටවහන් මිනී වලට පස් පිඩැල්ලක් දානව  ඇරෙන්න මටවත් අප්පච්චිවත් කරන්න්න් දෙයක් තිබුන් නෑ..මොකද....ගෙදර පහන අම්මා කිව්ව්ත්.....වලවේ පහන උන අම්මලා පහන කුඩු කරන් හැම දෙම ගිනි තියලා තිබ්බා......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now