93 වන කොටස...

3K 766 395
                                    

විතේන් ....

මාව වැටුනා...කකුල් දෙකම පන නැතිව වැටුනා    ඵෝන් එකෙන් ආව නාද්‍යගෙ අනීතගෙ  මහ ගෑනිගෙ හිනාව කන් අස්සෙ දෝන් කාර දෙන වාරයක් ගානෙම මාව පිස්සෙක් වෙන්න එනකොට මගෙ නිතේශ් ග්...මගෙ තේශිගෙ ඵෝන් කෝල් එකක් නැති වෙනකොට මගෙ සර්වාංගෙම පන නැති වෙන්න ආවා....දවස් ගානකට උඩදි කාපු කෑමක් විස වෙලා කියලා ඉස්පිරිතාලෙ ආව මට අද වෙනතුරු ගෙදර යන්න හම්බුන් නැති වෙනකොට මාම අතට ගහලා තිබුන සේලයින් බෝතල් ගලවන් දිව්වා ......

ඇග පුරාවටම එකම එක තැනක් ඉතිරි නොවී ගෙඩි දදා පුපුරනකොට මට වේදනාව දරන්න බැරි උනා ...එහෙන් මගෙ තේශි   මෙහෙන් මගෙ සර්වාංගෙම වේදනාව...මගෙ හිත කිව්වෙම උන් මගෙ සුදු මහත්තයට මොනවා හරි කරලා කියලා වෙනකොට මම ඉවසගන්නම බැරි තැන වලව්වට දුවනවා කියලා හිතන් ඇදෙන් පැන්නත්...අනේ මට දුවා ගන්න බැරි උනා...මගෙ කකුල් පන නැති උනා.....

විතේන් ....විතේන් ...අනේ...විතේන් ...උඹට අමාරුයි විතේන් ....උඹ ඇවිදින්නෙ වත් කොහොමද ..උඹ ඔහොම එලියට යන්නෙ වත් කොහොමද .....

මට...මට...මව පෙන්නපන්...අඩුම ගානෙ මම කොහොමද ..මගෙ මූන කොහොමද කියලා පෙන්නපන්....මට...මාව පෙන්නපන්.....ශෙනෝන්....දෙයියන්ගෙ නාමෙට....පින්සිද්ද වෙයි.....

මම  කෑ ගැහුවා.....කොරිඩෝවෙ වැටිලා උන්න මම කෑගැහුවා.....රෝසපාටට දිලිසුන කකුල් වල රෝම කූපයක් කූපයක්ම වතුර බිබිලි ඇවිත් පුපුරල ගිහින් කසලා..කසල වන වෙලා යනකොට මගෙ සර්වාංගෙම තුවාල වලින් වැහිලා ගියා....මගෙ මූන පුරාවටම ඒ හා සමානවම ගෙඩි ඇවිදින් පුපුරලා තුවාල හැදිලා තිබුනා....කොටිම්ම කියනවා නම්...මම විරූපි වෙලා උන්න...ඒක මට දැනෙනවා...ඒනිසාමද කොහෙද එයාලා මගෙ කාමරේ එකම එක කන්නාඩියක් වත් තිබ්බෙ නෑ.මගෙ අතින් ඵෝන් එක පවා ගත්තා ..මම මගෙ නිතේශ් ට ගත්තෙත් වෙන කවුරු හරි ලව්වා වෙනකොට මම මගෙ මූන වත් පෙන්නපන් ගගා කෑ ගැහුවා........

අනේ...සුදු මහත්තයා........

මම කෑගැහුවා...එයාවම ඉල්ල ඉල්ල පිස්සෙක් වගේ කෑ ගැහුවා...වෙලාවකට මම අනත මනත කියෙව්වා...එයා නැති එක තත්පරයක් මට කල්පයක් වගෙ වෙනකොට මට වලව්වට යාගන්න බැරිව මම කෑ ගැහුවා..... මම මේ ගෙවුන  දවස් දහයෙ මගෙ අසනීප පැත්තක දාල මගෙ නිතේශ් ගැන හිතුවා....එයාට කතා කරන්න හැදුවා ...ඒත්...එයාගෙ අම්මහෙ වචන එක්ක මට මාව නැති උනා වගේ දැනෙනකොට මම තවත් පිස්සුවෙන් කෑ ගැහුවා......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now