26වන කොටස.....

5.9K 1K 347
                                    

අප්පච්චි ......

එයා යන්න ගියා....ඇස්වල කදුලු පුරවගත්තු අප්පච්චි විතේන් දිහා බලලා මාව බලාගන්න කියලා යන්න ගියා  ...මෙච්චර වෙලාම නට නට උන්න ගඩාපියා අවසානෙදි ආයම අර ජෑම් බනිස  ශෙනෝන්ගෙන් උදුරන් ගිහින් සෝෆාවෙ ඉදගන මීක් නොගා ඒකේ  තිබුන ජෑම් ටික ලෙව්වා ඇරෙන්න වෙන මොකුත් කතා නොකර උන්නා.....

මුලු කාමරේම නිහඩ වෙලා ගියා....මගෙ හුස්ම අල්ලන සද්දෙ මටම ඇහෙන තරමට නිහඩ වෙලා ගියා. ..

චූටි මැනික....ඩියෝන්....දොයියන්න එපා දැන් යන්න ඕනා......

සීනි ඇටයක් දෙකක් එක්ක ජෑම් ලෙව කාපු ගඩාපියට ඒ ටිකකිම්ම නිදා වැටෙන්න ගන්නකොට ශෙනෝන් ඒකව ඇහැරෙව්වා ......

නිතේශ් අපි යන්නද මූට නිදිමතේ නිදි පැදුරෙන් අරන් ආවෙ...

ඔයාලා කොහෙද යන්නෙ....ගෙදර යනවද

නෑ....මට ඩ්‍රයිව් කරන්න බෑ විතේන් මහන්සි ....මං මෙහෙන් රූම් එකක් බුක් කෙරුවා .....ඔයා නිතේශ් ගාව ඉන්න ....හවස් වරුවෙ මම එන්නම්...උවමනා දෙයක් තිබුනොත් කියන්න...

හරි ශෙනොන් තැන්කිව් ...උවමනාවක් උනොත් ගන්නම්....

මම බලන් උන්නා..එයා මහ තැන වගේ ශෙනෝන්ගෙ පිටට තට්ට්ටු කරලා හරි ශෙනෝන් ගෑවා...අවසානෙදි ජෑම් බනිසත් එක අතකට මිරිකගත්තු ගඩාපියා නින්දෙන් වගේ හැප්පි හැප්පි  යනකොට ශෙනෝන්ලා යන්න ගියා..මායි එයයි විතරක් ඉතිරි උනා....අවසානෙදි අපි දෙන්නගෙ තනියට ඉතුරු උනේ වැහිමන්දාරම අස්සෙන් ආව ඉර එලිය විතරක් වෙනකොට මාව බලන්න ආව ඩොක්ටර් මගෙ මාස්ක් එක අයින් කරලා සේලයින් එක අනිත් අතට මාරු කෙරුවා .....වේදනාවයි ...ඉදි කටු තුඩ හමපසාරු කරගන නහර වැල් හොයන් යනකොට මගෙ කොට්ටෙ ඇස්වලින් වැටුන කදුලුවලට තෙමුනා......නිදිමරපු ....මගෙ හුස්ම ගන්න වතුරෙ පොරබදපු ඒ මූන මලානික වෙලා.......මගෙ වේදනාව ඇස්වලින් එලියට එනකොට ඒ ඇස් මටත් කලින් ඉස්සර උනා....පව්....එයාට මහන්සී.......මගෙ විතේන්ට විඩාවයි........මම හිමීට එයාගෙ අත උඩින් අත තිබ්බා.....

කකියනවද මැනික හුගක්.....

එයා එහෙමමයි.....මම එයාගෙ වේදනාව ගැන අහන්න කලින් එය මගෙ ගැන වද උනා.....ඇත්තටම කෙනෙක්ට ලැබෙන්න ඕනෙම මේ වගේ ආදරයක්.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now