91වන කොටස...

3.1K 796 172
                                    

සුදු මහත්තයා ....නිතේශ් ...නිතේශ් .....මිනිහෝ....අනේහ් නිතේශ් .....

එයා මාව හොලව හොලව කෑ ගැහුවා ..මෙච්චර වෙලාම අන්දකාර වෙලා තිබුන කාමරේ කහ පාට ලයිට් එලියෙන් පාට වෙලා යද්දි මං තුන් මුනින් දාඩිය දාගන උන්නා....

සුදු මහත්තයා ..

රන්...රන්...රන්මලී.....මගෙ...දෙයියනේ...විතේන් ...රන්මලී...ඒකිව වැටෙයි විතේන් ...ඒකිට බෑ ඔරිව අරන් යන්න....ඒකිට...කොහොමද ......අර....ඒකිට...කියපන්....

නිතේශ් ...නිතේශ් ....අනේ...අප්පච්චි ....අප්පච්චී......තාත්...අනේ...නිතේශ් ....

අතෑරපන්.....ඒකිට...බෑ....බේබි...හාමු..ගගා...ඒකි....වැවට ගියා...ගිහින්...ඒකිට...ඒකිට..මං කිව්වා......කව්ද...ඒකිව...වැවට

අනේ අප්පච්චි ....අප්පච්චි .......දෙයියනේ නිතේශ් ....

සුදු මහත්තයා .....නිතේශ් කොල්ලො......

පහන් වතුර එකක්...වතුර එකක්.......

නිතේශ් .....නිතේශ් ......යකො නිතේශ් ....

චටාස්!!!!

අප්...අප්පච්.......

තේශී ..අනේ....

මම මුනින් අතට පෙරලිලා මගෙ ඔලුව බදාගත්තා ..මගෙ ඔලුව මේ දැන් පුපුරලා යයි...මේ දැන් පොඩි පට්‍ටම් වෙයි කියලා මට බය හිතෙනකොට මම ඔලුව බදාගනකෑ ගැහුවා..මගෙ ඔලුව පුපුරල යන්න තරන් කැක්කුමයි......

අනේ...අප්පච්චි ...මගෙ ඔලුව...අනේ..දෙයියනෙ...මගෙ...ඔලුව කැක්කුමයි.......

මම කෑ ගැහුවා...හීනෙන් දැකපු රන්මලී වතුරෙ ගිලිලා ගියේ මගෙ ඇස් පනාපිටම වෙනකොට මගෙ පපුව වේදනා දෙන්න ගත්තා .......ඒකි ගෙ මූන බලන් ඉන්නකොට විරූපි වෙලා ගියපු හැටි ...ඇදන් උන්න පාට ගියපු චීත්ත ගවුම පිටිපස්සෙන් රතු පාටට ලේ වලින් පෙගෙන හැටි මම ආය ආයම මතක් උනා...තත්පර ගානක් ඇතුලත දැකපු හීනෙ ඇතුලෙ මගෙ ඔලුව විකාර කරවන දේවල් තිබුනා......සර්වාංගෙම පුරාවටම ඉදි කටු අනිනවා වගේ දැවිල්ලක් එක්ක අම්මා අප්පච්චි ඉන්නවා නොබලා මම සරමත් කඩාගන බාතෲම් එකට දිව්වා...

අනේ නිතේශ් ...නිතේශ් ....අනේ දෙයියනේ මේ දොර ඇරපන් මගෙ නිතේශ් ......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now