29වන කොටස....

5.7K 992 596
                                    

මම ඵෝන් එක කනට තද කරගත්තා ....අත්තම්මලා මෙහෙ එනවලු.....මෙච්චර වෙලාම හිතේ තිබුන අර සතුට සැනසීම පෑල දොරින් පිට උනා වගේම වියලුන තුවාල කබලක් ආයම වටින් පිටින් කොනිති ගහනවා වගේ හැගීමක් දැනෙනකොට මම ඉදුල් අත පිටින්ම බැල්කනි එකට ගියා.....

අත්තම්මා ඔතන අම්මා ඉන්නවා නම් ඵෝන් එක දෙන්න....

මම අත්තම්මගෙන් අම්මව ඉල්ලුවාවගේම කිසිම තෙතමනයක් නැතිවම අම්මා කතා කෙරුවා ......

නිතේශ් .....අත්තම්මා කියපුදේ ඇහුනනෙ..?

අම්මා.....අඩුම ගානෙ...මට කොහොමද...උඹ හොදින්ද කෑවද බිව්වද පුතේ උඹ බෙහෙත් ටික වෙලාවට බිව්වද කියලා අහන්නවත් ඔය දිව නැවෙන්නෙ නැතිද අම්මෙ...මට අන දෙන්න විතරද ඔය දිව නැවෙන්නෙ.....

දවසක හවස් වරුවක ඩියෝන්ගෙ අම්මා ශෙනෝන්ට ආදරෙන් කතා කරපු හැටි මට මතක් වෙලා මගෙ පපුව පෑරුනා.....උන් මගෙන් පලිගන්නවා...වලව්වෙ පෙලවහට පයින් ඇනපු දා ඉදලා උන් මගෙන් පලි ගන්නවා....උන්ට ඕනෙ එකම පිරිමි පරානෙ මම මම කිය උනත් මාව පාගන්න වෙනකොට මම අම්මගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා

නිතේශ් ...උඹලට අපි කියන දේ අහන්න බැරි නම්...එතනින් එහා මොකට අහනවද....අනික උඹට අපි කවුරුත් කිව්වෙ නෑ වැවට පනින්න කියලා...අපි උඹව වැවට තල්ලු කෙරුවෙත් නෑ.....වලව්වෙ හාමුලා දැනගත්තා නම් සීයා තාත්තට මූනක් දෙන්න හම්බෙන්නෙ නෑ......උඹලා ඔව්වා විහින් කරගත්තුවා නම්...තනියම විදවපන් නිතේශ්

මම කට පියන් අහන් උන්නා..මොකද කොච්චර නෑව්වත් උරා බහින්නෙම මඩට......කොච්චර මෙට්ටෙ උඩින් තිබ්බත් කූඩැල්ලා බඩ ගාන්නෙම වෙන අහකට වෙනකොට මම කට පියන් අහන් උන්නා.....ඒ වගෙම කොච්චර පින් කෙරුවත් වලව්වෙ මැනිකෙලා කෙරුවෙම පව් වැඩ ..මිනියක් මරන්න ඕන් නෑ උන් අපිව පන පිටින් මරනකොට දැනෙන වේදනාව මරන වේදනාව හා සමාන උනා....

කමක් නෑ...උඹලට ඕනෙ ඔය වලව්ව මත්තෙම්ම මැරිලා යන්නනෙ...ඒ විදිහටම උඹලා ඔක්කොම ඔය වලව්ව අස්සෙම මැරිලා පලයල්ලා.. උඹලගෙ මිනියක් කරගහන්නවත් බල්ලෙක්වත් නැතිවෙයි......අඩුම ගානෙ මම වත් උඹලගෙ මිනියට කර ගහන්න එන්නෙ නෑ

BREATH OF LIFE (Complete)Donde viven las historias. Descúbrelo ahora