112වන කොටස....

5.3K 844 734
                                    

මන් එයා දිහා හැරිලා බැලුවා.....මට හිනා ගියා....එයාගෙම කටින් ඇත්ත එලියට පනිනකොට එයා හොරෙක් වගෙ බිම බලාගන්නකොට තත්පරෙන් දෙකෙන් නින්ද ගියපු දරුවව මම බලෙන් වගේ අතට අරගන අඩයි කියලා එයාගෙම චූටි ඇගිල්ලක් කටට එබුවා......

අනේ පව්නෙ .....

එතකොට මම පව් නැද්ද මැනිකෙ  

මීට කලින් හිනා උන මම ඊලග තත්පරේදි එයාගෙ මුන දිහා බලාගන කදුලු පුරවගන්නකොට එයා බිම බලාගත්තා ........අතේ උන්න පුංචි එකාව මම ඇගිලි තුඩු වලින් ඇවිදන් ගිහින් සාලෙ කොනක තිබුන තොටිල්ලෙන් තියලා පොරවලා ආපහු එනකනුත් මගෙ විතේන් උන්නෙ මූන බිමට හරවන් ඇදන් උන්න ටී ශර්ට් එකේ කොනක් රෝල් කර කර වෙනකොට මන් බලාගන ඒ උරහිස් ගැස්සෙනවා.........එයා අඩනවා.....එයා අඩන් නැතුව ඉදීද.....

මගෙ විතේන් .......

මම කතා කෙරුවා ........සෑහෙන්න වෙලා එයා දිහා බලන් ඉදලා එයාව උරහිස් වලින් අල්ලන් නැගිට්ටවලා මම නිකටෙන් ඒ මූන ඉස්සුවා....ඒ ඇස් දෙක තනිකරම රතුපාටයි....ලේ නහර ඉලිප්පිලා රතුම රතු වෙලා ගිහින් තියනකොට එයා අඩාගන මගෙ පපුව මැදට මූන ගහගත්තා ....

අනේ....සුදු...මහත්තයා ......මගෙ සුදු අප්පො.....තේශි....අනේ...මගෙ...නිතේශ් ......

එයාගෙ කටින් ඒ නම කියවෙනකොට මම ඇස්  දෙක තද කරලා පියා ගත්තා ...මට  ඒ නම මගෑරුනා .....මේ සුවද ...මේ උනුහුම ..මේ ආදරේ.......මේ හැම දේම මට මගෑරුනා ....එයා අඩනවා ...නිකන් නෙවෙ කෑ ගහලම අඩනවා මං එයාට අඩන්න දුන්නා...අඩුම ගානෙ ලමයා නැගිටියි කියලා වත් කිව්වෙ නෑ......මෙච්චර කාලෙකට විදපු දුක  එලියට දාන්නම එයාට මම අඩන්න දුන්නා......එයා අඩනවා....මගෙ ටී ශර්ට් එකෙන් ඇද ඇද අඩනවා ආයම එයාව දාලා යන්න එපා කිය කිය අඩනවා....මේක නරක හීනයක් කියපන් සුදු මහත්තයා කිය කිය අඩනවා.......මම වෙන කාගෙවත් නෙවෙ හැම දාම විතෙන්ගෙමයි කියලා කියපන් කොය කියෝම එයා මට ගගහ අඩනවා මන් පුදුමාකාර වේදනාවකින් අහන් උන්නා.....

සුදු...මහත්තයා ...අනේ....අනේමාව දාලා යන්න එපා...අනේ....මාව දාලා යන්න එපා මගෙ නිතේශ් ...මාව දාලා යන්න එපා.....මට මැරෙන්න වත් බැරිවෙයි...මට දරාගන ජීවත් වෙන්න බෑ....ඒත්මට මැරෙන්නවත් බැරිවෙයි නිතේශ්....ආයම උඹ මාව දාලා ගියෝතින් ...මට කියපන්.....මට කියප..න්...මං හිත හදාගන මැරෙන්න කොහොමද ...උඹගෙ මගෙ ලමයා....ඌට කව්ද ඉන්නෙ.......අනේ....ඒ පුංචි එකා තනි වෙනවානේද මගෙ සුදු අප්පො...අනේ...අනෙ....වදින්නම්...මාව...දාල...යන්න එපා...මගෙ තේශි ......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now