96වන කොටස....

3K 777 457
                                    

Nithesh pov..

මහත්තයා ....

මං ඔහේ උන්නා....නාද්‍යා විඩෙන් විඩේම මහත්තයා ගගා ඇගේ එල්ලෙනකොට කසාදෙ රෙජිස්ටර් කරන මොහොතෙ ...පෝරුවෙ උන්න මොහොතේ ...කොටිම්ම......මට හුස්මක් වත් ගන්න නොදී මහත්තයා මහත්තයා ගගා අතින් අල්ලන් හිනා වෙනකොට ...වටේම කතා රස කරලා කියවනකොට සත්තයි .....මහෙ ඔලුව පැලෙන්න ආවා ...

නාද්‍යා .....ප්ලීස් ...පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්න....ඕන තරම් සෙටි එකේ ඉඩ තියෙන්නෙ.....පොඩ්ඩ්ක් ඈත් වෙලා ඉන්නකො....මට මේ ඇදුමත් ඇදන් ඉන්නත් අමාරුයි...ඊටත්...අම්මා  ගෙදරින් එලියට බහිනකොට පොවපු වතුර එක බීපු වෙලේ ඉදන් මගෙ බඩ දගලනවා......

මං නාද්‍යව පැත්තට කෙරුවත් ඒකි මගෙ අතක් අරන් ඒකිගෙ අතට පටලවගත්තා .....

සැරින් සැරේම අල්ලන යටි බඩේ කැක්කුම එක්ක...මට බඩ පෙරලන්න ගත්තා ....ඔක්කොටම වඩා පෝරුවෙන් බහිනකොටම එදා,ආව අර කොල්ලා සුදු මහත්තයා කියාගන රෝද පුටුවෙන්  වැටුන හැටි......සැරින් සැරේ උනත් අහම්බෙන් ඒ ඇස් දැකපු මට ඒ ඇස්වල තිබුන කියන්න නොතේරෙන වේදනාව මගෙ හිතට පුදුමාකාර විදිහට ගත්තා ...

ඇත්තටම උඹ කව්ද ...

මාව අදුනනවද  ..අදුනනවද ....ගගා අහ අහ මගෙ ඇගේ එල්ලුන උඹ කව්ද ....

මං නලල මිරිකගන තනීයම කල්පනා කරනකොට  වෙල්කම් ඩ්‍රින්ක් එක ගෙනාව කෙල්ල අපි දෙන්නට අල්ලනකොට  මං ඒක දිහා බලලා අහක බලා ගත්තා ....

මහත්තයා බොන්නකො...

මට බොන්න බෑ...

අනේ....හැමෝම බලන් ඉන්නවනෙ...

හැමෝම බලන් උන්නට හැමොගෙන බඩ කැලතෙන් නෑනෙ.....

මං වෙල්කම් ඩ්‍රින්ක් එක පැත්තකට කරනකොට අම්මා තකහනියෙ දුවගන ආවා .....අම්මා කෙසේවෙතත් ..අද මගෙ කසාදෙ වෙලත්...අප්පච්චි නැති එක මට තවත් හිතට වදයක් වෙනකොට මම අප්පච්චි දැන් වත් ඇවිත් ඇති කියලා ඉස්සි ඉස්සි හෙව්වා....

සුදු මහත්තයා ...ඇයි මේ බොන්නෙ නැත්තෙ...

අනේ අම්මා..මගෙ බඩ පෙරලෙනවා...වමනෙට වගේ .....මට බොන්න නෙවෙ..මට මේ මගුල් ගලවලා දාන්න ඕනා......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now