31 වන කොටස....

5.2K 1K 521
                                    


නිතේශ් ....උඹ.......

මම වගේම එයා ගල්ගැහිලා ගියා....ඊටත් වඩා හොදම වචනෙ මගෙ ඇගම හිරිවැටිලා සර්වාංගෙම ලේ උනු උනා කිව්වා නම්.....ඒක තමා මට මෙවෙලෙ දෙන්න පුලුවන් හොදම වචනෙ.....

එලියට එනවා....

අප්...පච්චි....

උඹට මම කියන දේතේරුනානෙ......වරෙන් එලියට .....

අප්පච්චි ....එයාට බනින්න එපා ...

බනින්න එපා....???මම තවම පටන් ගන්නෙ නැතිව බනින්න එපා කියන්නෙ කොහොමද ආ විතේන් ....කරුනාකරලා තමුන් පැත්තකට වෙලා ඉන්නවා....නිතේශ් වරෙන් එලියට....මේ දැම්ම

අප්පච්චි බාතෲම් එකේ දොර දඩස් ගාලා වහලා යන්න ගියා වගෙම මම එහෙම්ම බිත්තියට පිට දීලා රූටලා බිම ඉදගත්තා ....

තේශී... 

මාව දාලා යන්න එපා .......මං එච්චරයි ඉල්ලන්නෙ.....

මම මගෙ ඔලුව කකුල් අස්සෙ ගහගත්තා .......

බොරු කියන්න ඕන් නෑ...මාව වෙව්ලනවා....මගෙ අප්පච්චි කවදාවත් සෙනාරිගෙ හුටපටේදිවත් මට ඔහොම කතා කෙරුවෙ නෑ...ලෝකයක් ඉස්සරහා මම උඹව දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්නම් කිය කිය මොන බයිලාව ගැහුවත්....ආදරෙ කරන මිනිස්සු හංගන් කරන ආදරෙ අහු වෙන මුල්ම වතාවෙ මම හිතනෙ කඩන් වැටෙනවා......මොනවා වෙයිද කියන්න නොදැන කඩන් වැටෙනවා.......මට අප්පච්වචිට මූන දෙන්න බය හිතුනා...මම දෙවියෙක් නෙවෙ...මට බය දැනෙනවා.......

විතේ...න්......

මං ගිහින් කතා කරන්නම්.....

එපා..

ඇයි.....

මොන තරම්...ආදරේ කෙරුවත්.....අසම්මතේදි....උඹ මම..මේකට මූන දෙන්නම ඕනා මගෙ විතේන් .....


මම එයාගෙ මූන දිහා බැලුවා....ඇත්ත..... මම වත්....කියවන උඹවත්.....කවුරුත් ජීවත් වෙන්නෙ යුරෝප් රටක නෙවෙ වෙනකොට ........අසම්මත කියලා ලේබල් කරපු ආදරයක් පටන් ගන්නකොටම හිතේ බයක් ඇතිවෙනවා...ආදරේ නාමෙන් හෙන ගැහුවත් දරා ගන්නම් කියන තැනම දරාගන්න බැරිවෙනවා.....අප්පච්චි කෙනෙක් විදිහට මගෙ අප්පච්චි හදවත ගලවලා අතට දෙන්න කිව්වත් අනිවාර්යයෙන්ම දෙනවා...ඒක ඉරහදටත් වඩා විස්වාස උනත්....මෙතනදි...මෙතනදි මගෙ අප්පච්චි මොන තැන ගනීද......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now