101 වන කොටස...

3.3K 804 340
                                    

අප්පච්චි .....

අනේ....අප්....පච්චී....අප්පචි..මගෙ....අප්පච්චි .......

මට කතා කරගන්න බැරි උනා ...ඇගපත පිරෙන්න උන්න මගෙ අප්පච්චි උන්නෙ රෝද පුටුවක.. ...ඇස්වල කදුලු ඇරුනම මගෙ රත්තරන් අප්පච්චිට  කතා කරගන්න වත් හයියක් නැති කොට මං උලුවැස්සට ඔලුව ගහගත්තා .....මට වාවන්නෙ නෑ..

මට මගෙ අප්පච්චි ඉන්න විදිහ බාර ගන්න බෑ...දෙපයෙන් උන්න අප්පච්චි අද රෝද පුටුවෙ ඉන්නකොට මට ඒක දරා ගන්න බැරිම තැන මම කෑ ගහලා ඇඩුවා....මගෙ අප්පච්චි කිය කිය මං ඇඩුවා...නැගිටලා පයින් වත් යන්න මගෙ කකුල් මටම වාරු නැති වෙනකොට මම බඩගාගන වගෙ අප්පච්චිගෙ රෝද පුටුව ගාවට ගිහින් කකුල් දෙක උඩ මූන ගගන් මං ඉකි ගැහුවා ...

සු...දු...මහ....ත්ත්...තයා...

අනේ....අප්පච්චි ..මට උන්නෙ උඹ විතරයි. ...මට උන්නෙ උඹ විතරයි මගෙ අප්පච්චි .. ...අනේ උඹට මොකද උනේ මගෙ රත්තරන් අප්පච්චි . ..

මම අප්පච්චිව අත ගගා ඇඩුවා...කෑ ගගහා ඇඩුවා ...මොකද උනේ ගගා අඩනකොට  වචනයක් කතා කෙරුවොත් ඊලග වචනෙ කතා කරන්න කටහඩ නැති මගෙ අප්පච්චි වෙව්ලන අත්වලින් මගෙ ඔලුව අතගෑවා .....

නිතේශයා....නැගිටපන්...මචන් නැගිටපන්කො .....දැන් ඔය මදැයි....උඹල අඩපු කාලෙ ඉවරයි නිතේශයා...දැන් ඉතින්....උන් අඩන  කාලෙ ....කෝ කිව්වම අහලා නැගිටපන්කො .......

මම නැගිට්ටා ...අඩ අඩ උන්න මම ශෙනෝන්ගෙ වචන එක්ක නැගිට්ටා.......

ශෙනෝන්...මට කියපන්...මට කියපන් බන්...මොකක්ද මේ උනේ කියලා...මට කියපන් ...පින් අයිති වෙයි......

මන් ශෙනෝන්ගෙන් මගෙ අප්පච්චිට උන දේ අහනකොට එයා මගෙ අප්පච්චි දිහා බලලා ලොකු හුස්මක් ගත්තා ....

උඹ නොදන්න දේවල් බොහෝමයි නිතේශ් .....ඒත්...මං ඒ ඔක්කෝම කෙටි කරලා කියන්නම්......

ඒත්...ඊට කලින් මොනවා හරි බීලා ඉදපන්....

මට එපා..බඩගිනි නෑ...මට කියලා ඉදින්......කො මගෙ විතේන් ...කෝ...මගෙ මැනිකෙ කොහෙද  කියලා කියලා ඉදින්....

මම වෙච්ච දේ ආය ආයාම අහනකොට ශෙනෝන් මොනවා හරි බීලා ඉදින් කියලා මාව එක්කන් යන්න හදනකොට මම නවත්ත ගත්තා......මට බොන්න නෙවෙ ..මට මගෙ අප්පච්චිට මට...මගෙ විතේන්ට.....අපි හැමෝටම උන දේ අහන්න ඕනා උනා..මං මෙච්චර කල් ජීවත් උනේ ඇවිදින මලකදක්  ගානට වෙද්දි අවසානම තත්පරේදි මාව පුපුරලා යන්න ඔන්න මෙන්න උන්නා...විතේන්ව පෙන්නන්නම් කිව්වට මගෙ විතේන්  පේන තෙක් මානෙක නැතිවෙනකොට මං තවත් කලබල උනා...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now