03 වෙනි කොටස.......

6K 1.1K 457
                                    

මං හාල් ටිකක් බැදලා කැද ටිකක් හැදුවා.....මං ඒකට පලා මිටකුත් දැම්මා.....

පංකාදුයි පිච්චියේ......


කිව්වට විස්වාස කරන්න ඒ වචන මගෙ හිත හෙල්ලුවා.....හිස් උන කඩල ගොට්ට තවමත් තිබුනෙ අතේ වෙනකොට කඩල ගොට්ට පාරට දැම්මොත් උදේට අතු ගාන්න එන අහිංසක මිනිස්සුන්ට මම තවත් වද දෙනවා කියලා හිතිලා ඉදුල් උනත් සාක්කුවෙ ඔබා ගත්තා .....

මේ හැම දේම එයාගෙ පුරුදු ........

සුදු අයියෙ කියල පටන් ගත්තම මහ අම්මන්ඩි වගෙ.......එයා හරියටම පිච්චි වගේ...මානික්කාවතේ පිච්චිත් ගුනාදරිගෙ අප්පොච්චා එක්ක මොන දුකක් ඉහිලුවද .......සෙනාරිත් ඒ වගේ.....මං වෙනුවෙන් ඒ කෙල්ල ඉහටත් උඩින් නින්දා ඉහිලුවා.......

මානික්කාවතේ පිච්චි විදින දුක පෙන්නන්න ඕනෙ වලව්වෙ මැනිකෙට....උන්ට කැද උගුරත් මහ මෙරක් වෙනකොට වලව්වෙ හාමුලාට.....මට තේරෙන්නෙ නෑ......අත්තම්මලා මිනිස්සුන්ට ගැරහුවට එක බත් කටක් අස්සෙ හාල් ඇට කීයක් තියනවද...එක හාල් ඇටේකට මිනිහෙක් අව් පූටකේ ඉදන් කොච්චර නැහෙනවද කියන්න ගෙන්දගම් පොලවෙ මිනිස්සු නොදන්නවා උනත් මේ මිනිස්සු නොදන්නෙ නැතිවෙන්න බෑනෙ.........ඔක්කොටම වඩා වංශක්කාර කම ඉහට ගහලා.......

මං එහෙම්ම මිරිස් ගෑවුන ඉදුල් අත දිහා බලන් උන්නා...අපි දෙන්නම මෙ වැව රවුමට ආවා.....එකට දළදාව වැන්දා........අත් දෙක එකට පටලවන් එයා ආසයි කියපු හැම තැනටම එක්ක ගියා....ගැහැනියකට ආදරේ දෙන්න ඕනේ හරිම සියුම්ව...අපි හිතන් උන්නට උන්ව සතුටින් තියන්න හුගක් දේවල් ඕනෙ කියලා .....ඒත්...ඇත්ත කතාව නම්.....ආදරෙන් දෙනව නම්..උන් ඇල් වතුර උගුරත් ආසවෙන් බොයි....අනිත් උන් ගැන දන්නෙ නෑ....මං කියන්නෙ මගෙ එකී ගැන.........

මට සල්ලි තියනවා ..සැප පහසුකම් තියනවා ....ඒ උනත්...මම ආදරේ ඉස්සරහා ඇත්තටම මාරම විදිහට සංවේදි උනා...මොකද ඕනම ගල් හිතක් ආදරේ ගාවදි මෙලෙක් වෙනවා.........මට තිබුනා සෙල්ලක් කාර වෙන්න.......ඒත්...මම ඒකිට මැරීගන ආදරේ කෙරුව......

මං කල්පනා කෙරුවා..මේ වෙනකොට මගෙ ඵෝන් එක පුපුරන්න තරම් ගෙදරින් කෝල් ආවා....ඒ උනත්...මට ඒ කාටත් වඩා මගෙ හිත හදාගන්න ඕනා උනා....මිනිස්සු කියන විදිහට කෙනෙක්ව එක පාර අමතක කරන නම් හිතක් පපුවක් නැති උන් වෙන්න ඕනා....

BREATH OF LIFE (Complete)Donde viven las historias. Descúbrelo ahora