63වන කොටස.....

3.7K 854 385
                                    

පොඩීගෙ අම්මා නටනවා නටනවා ඉවරයක් නෑ...ගුරාගෙ අතින් දුම්මල පාර වදින වාරයක් ගානෙම පොඩීගෙ අම්මා හූ තිබ්බා ....

උදව්වට ආව උන්ට ඒකිව අල්ලන්න අතදහයක් විතර ඕනා වෙනකොට දම් වැල් වලින් ගැට ගැහුන පොඩීආවේසෙන් කියෙව්වා ....

ඉතින් කියාපිය....කියාපිය.....කවුද තෝ.....ආ...කව්ද....ඇයි...ඇයි තෝ මෙතනට ආවෙ.....ආ...ඇයි කියාපිය.....

කෑ ගහන අඩන පොඩීගෙ කෙස් වැටියෙන් අල්ල ගත්තු ගුරා ඒකිට පුවක් මලක් කැඩෙනකම්ම තඩි බෑවා....ඒත් ඒකි කෙවෙ කට හෙල්ලුවෙ...ඒකි කෙරුවෙම යන්න ඉල්ලපු එක වෙනකොට ගුරා මහසොහොන් මන්තරේ ජප කරන්ඩ ගත්තා ..

අහස පලාගන...පොලව පලාගන....රොන් මඩ අස්සෙන්.......මුහුදු හතට එහායින් එන්ඩ කිය කියෝම ගුරා ජයසේනට ආරාදනා කරනකොට දූවීලි ඉහල අහසට නග්ගගන වැහි හුලගක් ගියා වගේම ගොරකා ලන්දෙන් වගේම පහල රබරෙන් පැගිරි ගස්වලින් කජු ගස්වලින් අතු හෙලවෙන සද්දය බද්ද එන්න ගත්තා ...

ඌරන්ගෙ හුස්ම අදින සද්දෙ එක්ක ගුරා මහසොහොන් සමයටම පේ උන එකාව ගෙන්නවලා ඒකට පන්දම් දීලා දුම්මල ගස්සවන්න පටන් ගන්නකොට ජයසේනයට ආරාදනා කරන්න මිනී කුනු ගද ඉහලට යන්න වහපු මිනිය ඇරියා ...

පොඩී හූ හත තිබ්බා.....කෑ ගැහුවා ...දෙපැරැන්ද දිගේ පිලී ගලනකොට ඒකි ඉල්ලුවේම කැරකොප්පුවට යන්ඩ ලෙහන්ඩ කියලා වෙනකොට නාදයා නටලා...නටලා කහ වතුර නාගන කලන්තේ දානකොට ඒකිගෙ අයියලා ඒකිව උස්සන් යන්ඩ ගියත් ගුරා නෙවෙ ඉඩක් දුන්නෙ...

තියාපන් ඕකිට ...ඕකිට වහල ඉන්නෙත් කැරකොප්පුවට අයිති නොවුන....තවත් එකියක් ...මොල්ලිගොඩ මැනිකේ......උඹට ලේසි පාසු වෙන්නෙ නෑ....උඹලා ඔය අත් දෙකෙන් කරලා තියන පව් වැඩ බෝමයි.....

ගුරා මේ වෙනකොට හොද සිහිය වගේම අවසිහිය දෙකේම උන්නා....නාද්‍යට වැහිලා තිබුනෙ සීයා අතින් බඩ උන අන්නාසි ගැටවල රහ බලපු තව එකියෙක් වෙනකොට පොඩීටගෙ අම්මට වැහුන එකී මහ මුරන්ඩු කාරියක් උනා....

ඒකි පෙරේත තට්ටුව වටේම කැරකෙනවා ...

තෝකව්ද කියාපිය......මොනවද තොට ඕබා කියාපිය...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now