77වන කොටස....

4.1K 828 185
                                    

කුවේණියේ මා....කුවේනියේ මම තම්මැන්නා එනවා.......
රූබරියේ මා.....රූබරියේ මම ආලේ සොයා එනවා.....
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මම එනවා කුමරිය
කුවේනියේ මා.....කුවේනියේ මම තම්මැන්නා එනවා......

පෑලියගොඩ හයිවේ එකෙන් ආව අපි කටුනායකින් එලියට ආවා......එතනින් පස්සෙ ට්‍රැෆික් එකක් නැති වෙනකොට පාඩුවෙ සින්දුවක් අහන් කටුනායක එයාෆෝර්ස් බේස් එක......කුරන ආර්මි එක...... රුක්මනී දේව් පිලිමෙ ඔය ඔක්කොම පහුකරන් එනකනුත් කිසිම ට්‍රැෆ්‍රික් එකක් නොතිබුනත් මීගමුව කිට්ටු වෙනකොට තෙල්වත්ත හන්දිය ගල්කන්දහන්දිය මීගමුව මහ ඉස්පිරිතාලෙ මාරිස්ටෙල්ලා එක ගාව කොප්පර හන්දියෙදි වගේම දලුපත හරියෙදි අහු උන ට්‍රැෆික් එක පහු කරන් තෝප්පුව පාලම පහු කෙරුවත් හරි එතන ඉදන් ඉතින් ඩෑශ් බෝර් ඩ් එක බුදු හාමුදුරොවො වැඩමකරවලා ඩ්‍රයිවින් ශීට් එකට  දේව දත්ත ආවා වගේ ඇරල යන්න පුලුවන් කමක් තිබ්බා....

මේ පාලමෙන් එහා නේ බන් අරූ ඉල්ලුවෙ...

තෝප්පුව පහුවෙනවත් එක්කම ගලාගන යන ගග දිහා බලපු ශෙනෝනයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා...

කව්ද....

කව්ද බන් අර කොටියා...ප්‍රභාකරන්....

ආ....ආ...ඊනීයා ලයින් එක....ඔව්...ඔව්...ඒකා බන් සම්පූරනම උතුරේ ඉදලා මෙතනට වෙනකන් ඉල්ලුවනේ....

අම්මටම සිරි වෙනවා නේ දුන්නා නම්....

ඔව් ඉතින්...ආය.පොඩ්ඩක් බලහන් කුරුණෑගලට යන ...කුලියාපිටි.......එතකොට ඔය දන්කොටුව.............ඔය ලයින් එකම යන්නෙ මේ පාලමෙන්නෙ බන්....පොල්ගහවෙල ...ඔය ඔක්කෝම ඇයි ඉතින් ඇතුල් පාරවල් උනාට මෙතන පාලන කැඩුවා නම් සදා සොත්තිනේ.....

ඔව් නේ.......ඒ බන්....දැන් අප්පච්චි කාරයා බැරිවෙලාවත් දුන්නම්....පාලමෙන් එහා වයඹම උන්ටනෙ....වයඹෙ ඉදන් යනවනේ ...එතකොට ඒ ඔක්කොම උන්ටනෙ අහුවෙන්නෙ......එතකොට ඒක ඊලාම්නේ....අඩේ උන් පාස්පෝර්ට් එකක් ගහන්ඩ ගියා නේබන් එහෙම උනානම්......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now