74 වන කොටස.....

3.7K 879 681
                                    

සෙනාරි......රවීන්........

මට ඒ මුනවල් දෙකපු ගමන් නිකන් කරකවලා අතෑරියා වගේ උනා...සෙනාරිගෙ මූන හිනහවෙන් පිරිලා තියනකොට මගෙ විතේන්ගෙ මූන තරහවෙන් පුපුරන්න ඔන්න මෙන්න තිබුනා  

සුදු අයියෙ    .....විතේන් කැමති උනා අපිට උදව් කරන්න ......

මි  ස්  ට   ර්      වි  තේ  න්....

ඔ...ඔව්....මිස්ටර් විතේන් ...

ඒ වගේම මිසිස් සෙනාරි එයා මිස්ටර් නිතේශ් ....


මම බලන් උන්නා.....එයා දත්කූරු හපාගන උන්නා....මම ඇතුලට එනවා එක්කම සෙනාරි දුවගන ඇවිදින් සුදු අයියෙ විතේන් උදව් කරන්න කැමති උනා කියනකොට විතේන් දැන් පුපුරලා යන බෝම්බයක් හා සමානව උන්නා වගේම සෙනාරි ගානක් නැතිවම විතේන් ,සුදු අයියා කියනකොට එයා තත්පරයක් යන්න කලින් ආයම ඒ වචන හරි ගැස්සුවා.........

මම සෙනාරිගෙ අත ගසලා දැම්මා....ඒත් ඒකිගෙ මුනෙ හිනාව අඩු උනේ නෑ...හරියටම එයාට ඕන දේ උනා වගෙ හැගීමක් ඒ මූනෙ තියන කොට මම කෙලිම්ම විතේන් ගාවට ආවා මොකක්ද මේ නටන නාඩගම අහන්න...ඒඋනාට මට කලින් විතේන් ඉක්මන් උනා....ආදරනීයම විතේන්ව සහමුලිම්ම මරලා දාපු මිස්ටර් විතේන් නපුරුම විතේන් මට කලින් ඉක්මන් උනා  

මිස්ටර් නිතේශ් ඉදගන්න.......

විතේන්  මොකක්ද තමුන් මේ කරන්න හදන්නෙ.....

මිස්ටර් ......

මිස්ටර් විතේන්     ..මට දැනගන්න පුලුවන් ද මොකක්ද මේ කරන්න හදන්නෙ කියලා....

නූතන වෙස්සන්තර ජාතක කතාවට ආයම පන දෙන්න.....දරුවො දෙන්නෙක්ව දන් දීලා...අවසානෙදි අඹුවවත් දන් දෙන්න පුලුවන් උනානම්......අපිට දරුවෙක් හැදෙන්න එක බීජයක් දෙන්න බැරි කමක් නෑනෙ....

ඔව් ඇත්ත මිස්ටර් විතේන්...මට ඒක දෙන්න බැරි කමක් නෑ..හැබැයි...මම කොතනකවත් බුදු වෙන්න ප්‍රාර්තනා කරලා නෑ...ඒක නිසා...මට බෑ ඔයා කියනදේ කරන්න ....

මම අනිත් පැත්තට විතේන්ට ඒ ආවේගම්ම උත්තර දුන්නා.....එයාගෙ මුඑ හිනාවක් ඇදුනා....හැබැයි ඒක මහ නපුරු වගේම පලිගැනීමෙ චේතනාව කියන දේ උපරිමෙටම පිරුන හිනාවක් වෙනකොට මමම පුදුම උනා ආදරනීයම හිනාවක් අහිංසක ඇස් දෙකක් තියන විතේන්ට මේ වගේ නපුරු වෙන්න පුලුවන්ද කියලා.....එයා මගෙන් පලි ගන්නවා.....ඇත්තටම එයා කරන්නෙ ඒක....එයා සෙනාරිව ගෙන්නලා කරන්නෙ පලි ගන්න එක....එයා කරන්නෙම මම බෑ කියපු එක කරවන්න හදන එක......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now