06වන කොටස....

5.4K 1.1K 408
                                    

උඹල දන්නවද ලමයව හිර උනා.......ලමයව හිර උනා.....

උඹලා දන්නවද ඊට පස්සෙ මං මොකක්ද කොරේ කියලා.....මේ......න් මෙහෙම වප් පිහිය ලන්  කොලා.......මේ..න්...මෙහෙම ලන්කොලා......

මේන්...හිච්චා...කෑගහගන එලියට පැන්නා........

උගෙ නම කෝදුරු හාමි......ඌට දැන් දරුවොත් ඉන්නවා..........

හතිරියන් රාල කෙටි හාමිට වින්නඹු කම් කරපු හැටි කියනවා...හිච්චව හිර උනා...වප්පිහිය ලන් කොලා කියනකොට ගේ ඇතුලෙ උන්න පිච්චිගෙ මූන අමුතු උනා....කෙල්ල බය උනා.......බය නොවී තියේවිද කෙටි හාමි වින්නඹුකම් කරන්නද....  ..ඇරත්...ගෑනිට මිනිහා නැතිව ඒ  කැලේ මොකා කියලා ඉන්නවද වින්නඹු කම් කරන්න...හතරියන් රාල කියපු කතාව ඇත්ත......ඇග උඩ නැගන් දාඩියමුගුරු දාගන උඩ පනින්න හොද නම් ඕක ගත්තම මොකද වෙන්නෙ..............ඒකට...වලව්වෙ මැනිකෙලාගෙ නීතියට හාමුට ගැනිගෙ නිරුවතත් අකැපලුනෙ.........කාරිය කෙරුවා...අහවරලු.....

සෙංකඩගල අහසට අදත් ඉරපායාලා තියනකොට මම මහින්ද ප්‍රසාද් මස්ඉඹුලත් එක්ක තනි උනා...දැන් ඉතින් මගෙ දුක අහන්න වෙන්නෙ එක්කො සෙන්කඩ ගල අහසට වගේම ගෙන්දගම් පොලවට විතරක්ම වෙනකොට මම තවමත් මේසේ උඩ ඔලුව ගහන් උන්නා..ඊයේ රෑ තෙත ඇදුම මේ ඔක්කොම තවමත් ඇගේ තියනකොට මට මේසෙට ඔලුව ගහන් නින්ද ගිහින් ....කීයට ඇස්පිය උනාද කියන්න මම දන්නෙ නෑ..හැබැයි මම නැකිට්ටෙ විරහා වේදනාවෙන් හම්බෙන ලොකුම දෑවැද්ද ඔලුව කැකුම එක්ක වෙනකොට මම එහෙම්ම තවමත් ඇද උඩ නිදාගන ඉන්න සුදූ දිහා බැලුවා.....

ඒත් එයා නෑ.....ඇද හිස්.....එයා අම්මෙක් වෙන්න යනවා කියන එකයි....හිත ඇතුලෙ තවමත් විලාප ගහන පලමු ආදරේ මිනිමල් සුවදයි එක්ක දරන්න බැරි ඔලුවෙ කැකුමට ලාච්චුවෙ තුබුන පෙනඩෝල් කාඩ් එකේ ඉතුරු වෙලා තිබුන පෙනඩෝල් හයම මම බීලා දැම්මා....

මැරෙන්නෙ නෑ...ඒ උනත්  ....මං බීලා දැම්මා....වේදනයි......අඩන්න  හේතු දාහක් තිබ්බා ..ඒ උනත් හිනාවෙන්න එකම එක හේතුවක් තිබුන් නෑ....සමහරු කියනවා අඩන්න හේතු දාහක් තිබ්බත් හිනාවෙන්න එක හේතුවක් තියනවා නම් ඒ ඇතිලු....ඒ උනත් ඒ සමහරු දන්නෙ නෑ හිනා වෙන්න එකම එක හේතුවක් නැතිව අඩන්න හේතු විතරක් සමහර තැන්වලදි ඉතිරි උනා කියන එක.........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now