18වන කොටස....

6K 1K 910
                                    

නිතේශ් ..........

ඒ කටහඩත් එක්ක මාව ගැස්සිලා ගියා වගේම පිටිපස්සෙ උන්න කෙනා දැකලා මගෙ උගුර කට පවා වියලිලා ගියා....

අ..ප්...පච්චි....

ඒ ඇස් තිබුනෙ මගෙ මූන දිහාවට වගේම එකට පැටලිලා තිබුන අපේ අත් දිහාවට වෙනකොට මට ඊලගට කතා කරන්න ඕන වචන මොනවද හොයන්න බැරි වෙනකොට මං බලාගන අප්පච්චි ඇහි බැම එකට අකුලන් ඉන්නවා...

නිතේශ් එයාව අතාරින්න ......

අප්පචි මං....

උඹට ඕනෙ මෙතනම ගුටි කන්න නම්...ඒ දරුවව අතෑරපන් නිතේශ් ....

එයාගෙ කටහඩ තද උනා ....කවදාවත් නැති අප්පච්චි මට සැර කෙරුවා වගේම මම එකට පැටලුන අපේ අත් දෙක ඉක්මනට ලෙහලා දැම්මා....

සුදු මහත්තයා .....

මං හිතන්නෙ අපේ එකට පැටලුන අත් දෙක ලෙහිලා තත්පරයක් යන්න නැතිව ඇති...එතනට ආවෙ ලොකු අම්මා....ලොකු අම්මා දිහා බැලුවමයි මං දැක්කෙ මොල්ලිගොඩ වලව්වම දලදාවට ඇවිල්ලා......මම එහෙම්ම විතේන් දිහා බැලුවා....තව එක තත්පරයක් අපේ අත් එකට පැටලුනා නම්......

සුදු මහත්තයා මේ කොහෙ යන ගමන්ද......

මෙ..ලොකු..අම්මා...මං පේරා ගියා...

පේරාදෙණි.....

ම්න්.....මේ මහත්තයගෙ වැඩකට...

මං කෙලිම්ම විතේන් දිහා බලලා මේ මහත්තයගෙ වැඩකට කියනකොට ලොකු අම්මා වගේම කට පුරාවටම මූනෙ හිනාවක් තිබුනත්...ඇතුලාන්තෙ අමු අපායක් උන අත්තම්මා විතේන් දිහා බැලුවා......

ඔය දරුවා ...

විතේන්.....

විතේන් ....විතේන් විතරද....

නෑ...විතේන් ඩි

විතේන් සූරියබන්ඩාර ....

මම මැදින් පැන්නා.....විතේන් කියන්න ගියේම විතේන් ඩී සිල්වා කියන එක වෙනකොට මම මැදින් පැන්නා...මොකද මට ඕන උනේ නෑ වලව්වෙ එකෙක් වත් විතේන්ව පහත් කරන්නවට....මට ඕන උනේ නෑ වලව්වෙ අඩු කුලේ උන්ට වෙන් උන වීදුරු පිගන් විතේන් වෙනුවෙන් වෙන් වෙනවා දකින්න...මට ඕන උනෙ නෑ වලව්වෙ අඩු කුලේ උන් වෙනුවෙන් වෙන් උන පුටුවක් විතේන් වෙනුවෙන් වෙනවා දකින්න......එයාගෙ ඇස් දෙක ලොකු වෙනකොට මම බොරු කිව්ව්......ඇත්තම්මගෙ මුනෙ හිනාව ඒ විදිහමයි....හැබැයි සූරිය බංඩාර වෙනුවට ඔතනට ඩී සිල්වා කිව්වා නම්....මන් හිතණ් නෑ ඒ මූනෙ හිනාව එහෙම්ම තියෙයි කියලා.........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now