27වන කොටස...

5.7K 1K 273
                                    

තේශි....

ම්න්.....

හරිද ....

එයා මම ශීට් බෙල්ට් එක දාගන්නකන් බලන් උන්නා...මේක එයාගෙ එක....එතකොට මගෙ එක කෝ....

විතේන් ....

ම්ම්ම්....කියන්න

කෝ..මගෙ කාර් එක....

ආ...ඒක ඇවිත් මගෙ ස්ටාෆ් එකෙ ළමයෙක් අරන් ගියා ඊයෙ රෑම.....

එයා කාර් එක පාරට දාන්න දෙපැත්ත බල බල මට උත්තර බැන්දා.....පාරෙ වාහන එකා කාරෙට ...සමහරක් උන්ට යන්න පාර මදි උනා.....උන් කාගන යනවා පාරෙ ඉන්න අහින්සක උන් තෙමනවා....වැස්ස වැහැලා නෙස්ටමෝල්ට් පාට මඩවලවල් කට මට්ටන් වෙනකොට වාහනයක් එද්දි පාරෙ උන්න මිනිස්සු තාප්පවලට හේත්තු උනා....

විතේන් ....හෙමින් යමු.....පේමන්ට් එකෙ ඉන්න මිනිස්සු තවත් නානවා....

ආණ්ඩු කීයක් ආවත් වැඩක් නෑ...එකෙක්ට  බැරි උනා හරිහමන් පාරක් හදන්න එන එන එකා පාර හදනවා ඌ යන්නත් කලින් පාර කැඩෙනවා.....නිකමට හිතපන් සුදු මහත්තයා වෙන රටවල ඉන්න මිනිස්සු විදින සැප එක්ක අපේ උන් කොච්චර පව්ද .......අද පාර කාපට් කරන් යනවා ඔන්න යකො සතියකින් වෝටර් බෝර්ඩ් එකෙන් එනවා බට ලයින් දානව....එදා කාලේ ඉදලම උනේ මිනිස්සුන්ව හූරන් කාපු එක ......මේ මිනිස්සුන්ට දැන් නෙවෙ තේශි මේවල බරපතල කම තේරෙන්නෙ තව ඉස්සරහට......අරක්කු කාරයොයි ගෑනු හොරුයි ඔක්කොම මන්ත්‍රීලා කරනවා බත් පැකට් එකටයි අරක්කු කාලටයි චන්දෙ විකුනනවා ......මේ රටෙ ඉන්න මිනිස්සු එක පැයකට වෙනරටක උන්නොත් තේරුම් ගනීවි උන්ව මුන් කොච්චර රවට්ටලද කියලා කාලකන්නි හුත්තලා...

විතේන්න්....

නෑ මැනික මට තරහා ගිහින් නෙවෙ ඉන්නෙ....

එයා කුනුහර්පයක් කිව්වා....අඩුම ගානෙ මං උන්නත් එයාට ඒක ගානක් නෑ වගෙ....එක අතකට තමුන්ගෙ උන් ඉස්සරහා මොකටද මවා පාන්නෙ....එයාට හරි ඉක්මනට හැගීම් වෙනස් කරන්න පුලුවන් ...කපපු රැවුල ආයම වැවීගන එනගමන් තිබුනා.... එයා කැප් එක හද හද බැන්නා...ඇත්ත...අපෙ රටෙ මිනිස්සු කොච්චර පව්ද ....අපි හම්බකරලා නඩත්තු කරන්නෙ කොහෙවත් යන හොරුන්ව වෙනකොට එයාගෙ කේන්තිය සාදාරනයි හිතුනා......එයා එහෙම්ම මගෙ අත උඩින් අත තිබ්බා    ....ඊට පස්සෙ ඒ අත මගෙ අත එක්ක පටලව ගත්තා හැබැයි ඒ ඇස් තිබුනෙ පාරෙ මිසක් මගෙ ගාව නෙවෙ ....නෙස්ටමෝල්ට් පාට මඩවලවල්....දෙපැත්තෙ තිබුන කානු......වැහි කබාය දැම්මත් බාගෙට බාගයක් තෙමිලා උන්න බයික් කාරයො....වැහි කබායක් ගන්න වත් කමක් නැතිව ඉටිකොල බස්සන් යන බයිසිකල් පාගන නහර වැල් එලියර මතු උන වයසක උන්දලා......එයා ඒ හැමෝටම එයාව පහු කරන්න දුන්නා....ඉස්සර කරන්න පුලුවන් කම තිබුනත් එයා හෝන් නොකර යන්න දුන්නා.....සයිකල් මිනිස්සු අයිනෙන් යනකොට බයික් කාරයො වාහන අස්සෙන් අස්සෙන් දැම්මා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now