3. Alpha King.

689 142 64
                                    

සුබෝබබෝගි රථයකින් බැස්ස කෙනාව දැක්කාම මුලු University එකෙ හිටිය හැම කෙනාගෙම අවදානය ගත්තා.. ගාම්බීරත්වයෙන් කියලා නිම කරන්න බැරි පෙනුමක් ඔහුට හිමි වෙලා තිබ්බා.. ඒ කෙනා දිහා කෙලින් බලන්නත් බැරි තරම් ඒක ගැන ඒ University එකෙ ලමයින්ගෙ මූණවල් දැක්කාම කියන්න පුලුවන් !! ඔහු ඔහුගෙ අධික මිලකට හිමි උන කෝට් එකට අතත් දාන් ගාම්බීරව ඇවිද්දෙ කෙල්ලො වගෙම කොල්ලොත් ඒ දිහා හොරෙන් බලද්දි..

එයා ගොඩාක් ලස්සනයි !! ඒ වගෙම ගොඩාක් කඩවසම් හිතාගන්නවාත් බැරි තරම් !!

එයා කෙලින්ම ගියෙ එයාටම කියලා වෙන්වුණු මේසෙ ට Cafeteria එකෙ !!

" ඔහ් එයාගෙ ලස්සන !! " කෙල්ලෙක් එහෙම කියනකොට අනිත් අයත් ඒකට අනුමත කරන්න ඔලුව වැනුවා..

" මොකද මේ සද්දෙ ආ !! " එතන හිටිය තවත් නපුරු කෙනෙක් උන ඒ වගෙම කඩවසම් පිරිමියෙක් ඇහුවාම මුලු Cafeteria එකම මීයාට පිබ්බා වගෙ උනා.

" Jungkook මොනා හරි කන්න !! " එතන හිටිය කෙනා එහෙම කිව්වෙ එයාගෙ දරුණු ගැඹුරු කටහඩකින්..

" හරි Hyung !! " Jungkook එහෙම කියලා එතනින් නැගිට්ටෙ කන්න ගන්න කියලා උනාත්...

" Jungkook මෙතන ඉන්න එකෙක්ට කියපන් මොකටද උබ යන්නෙ !! " ඒ කටහඬ ඕනම කෙනෙක්ව දනින් වට්ටනවා..

" අහ් ඒයි උබ මෙහාට වරෙන් !! " Jungkook Cafeteria එකෙ හිටිය පිරිමි ලමයෙක්ට අඩ ගැහුවේ ඒ කොල්ලා වෙව්ලන ගමන් එතනට එද්දි...

" Omega කෙනෙක්ද ? !! " Jungkook එහෙම ඇහුවේ ඒ කොල්ලා වෙව්ලන විදිහ දැකලා..

" න්..නෑ.." ඒ කොල්ලා ඔලුව පහත් කරන් එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා උන..

" Omega කෙනෙක් වගෙ නෙ දුර්වලයා.. අයිශ් ගිහින් මොනා හරි ගේනවා !! "

" හ..රි Alpha !! " ඒ කෙනා Jungkook ටයි අනිත් කෙනාටයි ආචාර කරලා ඉක්මනට එතනින් දුවලා කෑම ගන්න තැනට ගියෙ පරක්කු නොවි...

" හ්ම්.. මොනාද උබලා බලන් ඉන්නෙ ආ.. මැජික්ද !!! " Jungkook කෑගැහුවාම Cafeteria එකෙ ළමයි ඔක්කොම එලියට ගියා..

" Al..pha මෙ..න්න "

" මොකද බන් වෙව්ලන්නෙ ආ.. ඇත්ත කියපන් උබ Omega කෙනෙක් නේ !! "

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now