32 . Shadow .

584 131 56
                                    

" Tea මන් තීරණයක් ගත්තා ඔයා වගෙ මමත් මේ මුද්ද ගලවනවා කියලා " Jimin එයාගෙ ඉස්සරා ඉන්න Tea ට එහෙම කිව්වාම Tea පුදුම වෙලා Jimin දිහා බැලුවා.

" මොකද්ද ? "

" මන් කියන්නෙ මේ මුද්ද ඒකෙන් වෙන්නෙ මගෙ Mate ට මාව හොයාගන්න බැරි වෙන එක " Jimin එහෙම කිව්වාම Tea යටි තොල හපාගත්තා.

" ඔයාට පිස්සුද ? මොනාද ඔයා මේ කියවන්නෙ මම ඔයාට කියලා තියනවා අපි මේ මුද්ද දැම්මෙ Alpha ලාට අපි Omega කියලා දැනගන්න බැරි වෙන්න " Tea එහෙම කිව්වාම Jimin ඇහිබබ ඉස්සුවා.

" එතකොට ඔයා ගැලෙව්වෙ ? " Jimin එහෙම කිව්වාම Tea උඩට ගත්ත හුස්ම පල්ලෙහාට දැම්මා.

" Jiminaa මට Mate කෙනෙක් ඉන්නවා එයා මාව Mark කරයි තව ටික දවසකින් ඊටපස්සෙ Alpha ලා එහෙම කරදර කරන්න එන්නෙ නෑ එත් ඔයාට~~

" මට Mate කෙනෙක් නෑ , ඔයා හරි එත් මම හදන්නෙ මගෙ Mate ව හොයාගන්න... " Jimin කිසිම ගානක් නැතිව කිව්වාම Tea පුදුම උනා.

" මොනාද අනෙ ඔයා ඔය කියන්නෙ ? ඔයාට Mate හම්බෙයි හරි වෙලාවෙදි " Jimin Tea දිහා බලලා එරෙව්වාම Tea පුදුම උනා.

" ඔයාත් මුද්ද ගලවපු වෙලාවෙ නේද ඔයාගෙ Mate ව දැනුනෙ !! ඔයා කැමති නැද්ද මට මගෙ Mate හම්බෙනවාට !! " Jimin ඇස් වල කදුලු පුරවන් කෑගැහුවාම Tea පුදුම උනා.

Jimin කොහොමද එහෙම Tea ට කියන්නෙ. එයාගෙ එකම වගෙම හොදම යාලුවා පොඩි කාලෙ ඉදන් !! Tea ට අදහගන්නවාත් බැරි උනා Jimin එහෙම කිව්වාද කියලා. මොකද Jimin හොදටම දන්නවා Tea කවදාවත් එයාට ඉරිසියා කරන්නෙ නෑ කියලා.. අනික Tea කොච්චර ආසවෙන්ද ඉන්නෙ Jimin එයාගෙ Mate එක්ක ඉන්නවා බලන්න. Tea ගෙ තොල් වෙව්ලුවෙ Jimin මෙච්චර දවසකට ඒ වගෙ වචනයක් කිව්ව නිසා ඒකාත් එයාගෙ Mate නිසා !!!

" Jimin ? " Tea එහෙම කිව්වාම Jimin ගැස්සිලා ගියා. එයාට දැනුයි තේරුනෙ එයා මොකද්ද Tea ට කිව්වෙ කියලා.

" අහ්ම්... Tea ම..ට සමාවෙන්න මම හිත..ලා ක~~

" ඒකට කමක් නෑ Jimin මන් දන්නවා ඔයා කොහොමත් ඔයාගෙ Mate ට ආදරෙයි ඒ වගෙම එයා වෙනුවෙන් ඕනම දෙයක් කියනවා , කරනවා කියලාත් " Tea හිනා වෙන ගමන් එහෙම කිව්වාත් Jimin හොදටම දන්නවා ඒ හිනාව පිටිපස්සෙ දුකක් තියනවා කියලා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now