39 . Yoongi ' Mansion .

595 122 7
                                    

Yoongi ට Rut එක හැදිලා දවස් දෙකක් වෙනවා. Jimin ගෙ උපන්දිනෙ හෙට. හහ් කාලය කියන්නෙ කොච්චර විකාරයක්ද නෙ.. මෙහෙ බලලා මෙහෙ බලද්දි කාලය ඉක්මනට යනවා. Yoongi අමාරුවටම යුනි ගියෙත් නෑ ඒ ඔක්කොටම වඩා Yoongi ට Jimin ගෙන් නිකුත් වෙන සුවදත් එක්ක එයාව පාලනය කරගන්න බෑ.

" අපි අද යන්ද Yoongi Hyung  ගෙ Mansion එකට මොකද Jungkook Hyung ඉන්නෙත් එහෙ නෙ " Tea එහෙම කිව්වාම Jimin ඔලුව වනලා හා කිව්වා.

" එහෙනම් යන් " Tea එහෙම කිව්වාම Jimin ඔලුව වැනුවා.

Tea , Jimin Yoongi ගෙ Mansion එකට යන්නෙ Jungkook මීට කලින් එයා ඉන්නෙ Yoongi ගෙ Mansion එකෙ කියලා කිව්ව නිසා. ඒ දෙන්නාට යන්න ඕනකමක් නොතිබුනාත් Tea ට නම් Jungkook ව බලන්න ඕන උනා. ඒ නිසා Tea Jimin වත් එක්කන් Yoongi ගෙ Mansion එකට ගියෙ.

" එනවාකො ඉක්මනට " Tea එහෙම කියලා Mansion එකට යනවාත් එක්කම Tea ගැස්සිලා ගියෙ Jungkook Mansion එක ඉස්සරාම හිටන් ඉන්නවා දැකලා.

" අහ්ම්... ඔයලා ? " Jungkook යටි තොලත් හපන් එහෙම කිව්වා.

" ඔව් ඇයි ? එන්න බැරිද අනෙ Hyungei මට පාලුයි ඔයා නැතිව " Tea එහෙම කිව්වාම Jungkook හිනා වෙලා ආයෙම සිරියස් උනා.

" එත් මේ.. ඇත්තටම ඔයලාට Mansion එක ඇතුළට යන්නම ඕනෙද ? " Jungkook එහෙම කිව්වාම Vmin දෙන්නා පුදුම උනා.

" ඇයි මොකද Jungkook ? " Tea ඇහිබබ උස්සන් එහෙම කිව්වෙ එයලා දෙන්නා මොකක් හරි හොර වැඩක් කරනවා ඇති කියලා හිතුන නිසා.

" අහ් නෑ නෑ බබා එන්න එන්න ඇතුලට අහ්ම්.. Jimin ඔයාත් එන්න " Jungkook එහෙම කිව්වාම Tea ඇස් කැරකෙව්වා .

Jungkook කලබල වෙලායි හිටියෙ Yoongi Jimin ගෙ සුවදට මත් වෙලා මෙතන පිස්සුවක් නටයි කියලා... ඊටත් වඩා Jungkook ගෙ හිතෙ තවත් පැත්තක තිබ්බා Jimin ව Yoongi ගාවට යවලා ඒ දෙන්නා එකට ඉන්නවා දකින්න.. එහෙම හිතුන නිසා තමයි Jungkook Jimin ට එන්න කිව්වෙ. Jimin ඇතුලට ආවාත් මුලු Mansion එක දිහාම බැලුවේ ඒක ගොඩාක් ලස්සන නිසාත් අනිත් පැත්තට Yoongi ත් ඉන්නවාද කියලා බලන ගමන්.

Jungkook Vmin දෙන්නාට ඉන්න කියලා කුස්සියට ගිහින් බීම එකක් හදන් ඇවිත් දුන්නෙ Tea කටකොනින් හිනා වීගෙන බීම එක් ගනිද්දි.

" ඒක නෙවෙ Jungkook ඔයාගෙ Mansion එක කොහෙද තියෙන්නෙ ? " Tea එහෙම කිව්වෙ Yoongi ගෙ Mansion එක දිහා බලන ගමන්.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now