43 . Angel .

588 136 36
                                    

Jimin හිටියෙ මේසෙ උඩ ඔලුව තියාගෙන. එයාට එන්න එන්න ටිකක් අමාරු උනා.. ඒක එතන ඉන්න අයට නොතෙරුනා නෙවෙ. එත් එයලා දන්නවා Jimin එහෙම ඉන්නෙ එයා පරිවර්තනය වෙන්න ඉන්න ළග නිසා. Yoongi උනත් සැරින් සැරෙ Jimin දිහා බැලුවේ Jimin කොයි වෙලෙ පරිවර්තනය වෙයිද කියලා හිතන ගමන්. Yoongi ට බයක් දැනුණා එයායි Jimin ගෙ Mate කියලා එයාට දැනුණාම Jimin කොහොම හැසිරෙයිද කියලා.. Jimin සතුටු වෙයිද ? දුක් වෙයිද ? එත් Yoongi ඒ වෙලෙ ප්‍රායෝගිකව හිතන්න ගත්තෙ නෑ. එයාගෙ හිත Jimin ගාවට ඇදිලා යන්න පටන් අරන් තිබ්බාත් Yoongi තාමත් සූදානම් නෑ Jimin ව එයාගෙ Mate විදියට Mark කරන්න. Yoongi දන්නවා එයාගෙ හිතෙ පොඩි හරි කැමැත්තක් Jimin වෙනුවෙන් තියනවා කියලා අනිවාර්යයෙන් එහෙම වෙන්න එපෑ ඒ නිසානෙ එයා මේ Party එකටත් ආවේ. Yoongi හිත හැමවෙලෙම Jimin ගාවට යනකොට Yoongi හිතන්නෙ ඒ Shadow ගෙ හැගීම් කියලා උනත් Yoongi ට අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා Shadow ව හිතෙන් අවහිර කරාම එයාගෙ හැගීම් , කතා කරන කිසිම දෙයක් එයාට දැනෙන්නෙ නෑ කියලා. Yoongi ට ඕන උනත් Jimin ගාවට යන්න එයාගෙ මුරන්ඩුකම , ලොකුකම ඒකට විරුද්ධ උනා. එයාට එයාගෙ Mate ඕනෙ තමා.. එත් Yoongi හිතන්නෙ එයාගෙ Mate හරි කාලෙදි එයා එක්ක හිටියෙ නෑ කියලා. Yoongi දන්නවා එයා Mate ට අකමැති හේතුව හරිම බොළදයි කියලාත්.

Yoongi බීම එක බොන ගමන් Jimin දිහා බලනවා Jimin ගෙ අප්පා නොදැක්කා නෙවෙ. Jimin ගෙ අප්පා Gong Yoo Jimin ගාවට ගිහින් Jimin ගෙ ඔලුව අතගෑවා.

" පුතෙ මොනම හේතුවක් නිසාවත් ඔයා ඔයාගෙ පාලනය ඔයාගෙ Wolf ගෙ අතට දෙන්න එපා , අනික ඔයා පරිවර්තනය වෙන්න ගියාත් ඒක පාලනය කරගන්න.. " Jimin එයාගෙ අප්පා කියන දේ හොදට අහගත්තා.

" ඔයාට තව විනාඩි දෙකකින් 18 ලැබෙනවා , ඉතින් අනිවාර්යයෙන් මෙතන ඔයාගෙ Mate හිටියොත් ඔයාට ඒක දැනෙයි එතකොට අනිවාර්යයෙන් ඔයාගෙ Wolf කලබල වෙයි එත් ඔයා ඒ වෙලෙට කරන්න ඕනෙ ඔයාගෙ Wolf ව සනසන එක. ඔයා එයාව පාලනය කරන්න Jimin !!! " Gong Yoo එහෙම කිව්වාම Jimin අවසිහියෙන් වගෙ ඔලුව වැනුවා.

Gong Yoo හිමින් එතනින් ගිහින් Senjiyon ගාව ඉදගත්තා. ඒ වෙනකොටත් Senjiyon Jimin දිහා බලන් හිටියෙ. Jimin ගෙ චූටි වෙනසක් Gong Yoo දැක්කාම එයා සද දෙව්දුවට ප්‍රාර්ථනා කරා එයාගෙ පුතාව ආරක්ෂා කරලා දෙන්න කියලා. Jimin ඔලුවත් අල්ලන් එතනින් නැගිටලා ගියාම Senjiyon යන්න හැදුවාත් Gong Yoo Senjiyon ව අල්ලගත්තා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now