10 . Friendship.

580 136 23
                                    

දවස් දෙකක් ගෙවිලා ගියෙ ඇහි පිල්ලන් ගහන වේගෙට.. Tea , Jimin ගැන කියනවානම් Tea Jimin එක්ක කතා කරෙ නැති තරම්... ඒ හැම වෙලෙම Jimin හිටියෙ ලොකු දුකකින්... එයා එයාට උන කරදරෙ Tea ට කියන්නවාත් Tea ඉඩ දුන්නෙ නෑ !!! මොකද එයාට ඕනෙ එයාගෙ Jimin !! නැතුව හැම දේම Care කරන්නෙ නැති කෙනෙක්ව නෙවෙ..

Jimin දැන් හිටියෙ Music Lecture එකෙ.. ඒකාත් Eunjin එක්ක.. Tea නම් හිටියෙ වෙනමම..

" Jiminaa ඔයාලා දැන්වත් කතා කරනවාකො " Eunjin බැරිම තැන එහෙම ඇහුවේ ඒ දෙන්නා වෙන වෙනම ඉන්නවා දකින්න ඕනෙ නැති නිසා..

" එයා මුරන්ඩුයි නෙ නූනා "

" හරි ඉතින් මම කතා කරන්නම් "

" කැමැත්තක් !! මන් එයා ගැන දන්නවා... එයා ඔයාටත් බනී " Jimin කිව්වාම Eunjin ඇස් කැරකෙව්වා..

" අනෙ එයාගෙ බැනිල්ල "

" හරි එයා තව ටික දවසයි ඔහොම ඉන්නෙ ඊටපස්සෙ මාත් එක්ක කතා කරයි " Jimin ලස්සනට හිනා වෙලා කිව්වෙ Eunjin ඒ හිනාව දිහා ආසාවෙන් බලන් ඉද්දි.. ඒක හරි අවංක හිනාවක්.

" හාකො " Eunjin එහෙම කිව්වාම Jimin ආයෙම දුකින් මේසෙන් ඔලුව තියාගත්තා..

ඒ වෙනකොටත් Lecture Hall එකෙ Professor කෙනෙක් හිටියෙ නැත්තෙ Music Lecture එක ඉවර වෙලා තිබ්බ නිසා...

" Park Jimin !!! " Lecture Hall එකට ආපු කෙනෙක් කෑගහලා Jimin ට කතා කරෙ Jimin ගැස්සිලා ගිහින් ඔලුව උස්සලා බලද්දි..

එතකොට Tea එයා අනිවාර්යයෙන් එයාගෙ යාලුවාගෙ නම කියද්දි බලන්න ඕනෙ ඔව් එයා එහෙම බැලුවා..

" කෝ Park Jimin " ඒ කෙනා එහෙම ආයෙමත් ඇහුවේ ලමයි ඔක්කොම Jimin දිහා බලද්දි..

" මමයි ඒ මොකද්ද වෙන්නෙ ඕනෙ ? " Jimin නැගිටලා එහෙම ඇහුවේ ඒ කෙනා Jimin දිහා ඔරවලා බලද්දි...

" හහ්... ඔයාට Gagon Professor එන්න කිව්වා !! English කැබින් එක ගාවට... "

" අහ් !! එත් ඇයි ? " Jimin ඇස් දෙක ලොකු කරන් ඇහුවේ ඒ කොල්ලා දිහාවට ඇවිදන් යන ගමන්..

" මම කොහොමද දන්නෙ " ඒ කොල්ලා එහෙම කියලා එතනින් ගියෙ Jimin යටි තොල හපන් ඇස් කරකවද්දි..

Jimin ආයෙම Hall එක දිහා බලලා ඇවිදන් ගියෙ Tea ත් ඇස් කරකවද්දි..

Tea මුකුත් නොවුන ගානට නැගිටලා Hall එකෙන් එලියට ගියෙ Eunjin බලන් ඉද්දි...

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now