Chapter 24

3K 676 397
                                    

අනේ මරුනේඒඒඒඑ හියුන්ගි....... මේක ශප්‍රයිස් පාටියක් නේද?.....

ටේවත් දාගෙන ආව මින්හෝ එයාගේ කාර් එක නැවැත්තුව තැන ලයිට් එකක්වත් දාලා නැති කට්ටියත් කවුරුත් නැති ලොකු මැන්ශන් එකක් වෙච්ච නිසා ටේ හිතුවේ එතන ඉන්න කට්ටිය එයාව ස්ප්‍රයිස් කරන්න බලන් ඉන්නවා කියලා...... ඉතින් මැන්ශන් එක දිහා බලන් නොයිවසිල්ලෙන් අත්පුඩි ගගහා ටේ එහෙම අහද්දි ටේ දිහා බලපු මින්හෝ සීට් බෙල්ට් එක ගලවන ගමන් කට කොනින් හිනාවුනා.........

ඔව් ඒන්ජල් ඔයාට ලොකු ස්ප්‍රයිස් එකක් තියෙනවා මැන්ශන් එක ඇතුලේ ...... අපි යමුකෝ.......

වාහනෙන් බැහැපු මින්හෝ ටේගෙ පැත්තෙ දොර අරින්න එහා පැත්තට ගියත් මින්හෝ දොර අරින්නත් කලින් හයියෙන් එකපාරටම ඇරුනු වාහනේ දොර චකබ්ලාස් වෙන්නම ගිහින් හේත්තු වුනේ මින්හෝගේ මහා පුරුශේන්ද්‍රියට ...

එසේ මෙසේ වේගෙකිනුත් නෙවේ දන් නැද්ද ටේ ගැන? ඉවසිල්ලේ අංශුමාත්‍රයක්වත් නැතුව ටේ දඩිබිඩියේ ඇරපු දොර මින්හෝගේ සන්වේදිම අවයවය සිපගනිද්දි මින්හෝ කොරවක්කෙක් වගේ දෙකට තුනට නැවිලා කලිසම උඩින් අත තියාගෙන කටත් උල් කරගෙන තොල හපාගත්තේ ටේ ඉස්සරහා විලි ලැජ්ජාවක් නැතුව බෙරිහන් දෙන්න බැරි නිසා....
(චොප්ප වුනත් දම්නේ නෑම් ඒක🙂)

ටේත් ඉතින් එයාට තිබ්බ කලබලේට කාර් එකෙන් එළියට පැනලා කොරවක්කෙක් වගේ දෙකට තුනට නැවිලා ඉන්න මින්හෝවවත් ගනන් නොගෙන ගේට්ටුව ඉස්සරහට දිවුවේ මින්හො බොහොම අමාරුවෙන් කාර් එකේ දොර බදාගෙන කෙලින් වෙද්දි....

ආයිෂ් මේ කොල්ලා නම්.......



හියුන්ගි..... මේකෙ ඇතුළට කොහොමද යන්නේ.......අනේ මේක වහලනේ.....

දුවලා දුවලා ගිහින් මැන්ශන් එකේ ගේට්ටුවේ වදුරෙක් වගේ එල්ලිලා ඉන්න ටේ වේගෙන් වේගෙන් මින්හෝට අත වනන්න ගත්තේ මින්හෝ බොහොම අමාරුවෙන් කකුල් දෙක කෙලින් කරන් ටේ දිහා බලලා අඩන්න බැරි කමට හිනාවෙද්දි


ආ........යතුරකාර් එකේනේ ඉන්නකෝ..........

මින්හෝ ආපහු කාර් එක පැත්තට හැරිලා යතුරත් අරගෙන යතුර ඇගිල්ලේ දාගෙන යතුර කරකවකව කට කොනින් හිනාවෙවී ආපහු එද්දි මෑන්ගේ හිනාව අන්තරස්දහන් වෙලා ගියේ මෙච්චර වෙලා වදුරෙක් වගේ ගේට්ටුව එල්ලිලා හිටිය ටේ පේන්න නැති නැති නිසා........

My little wifie🐵🐱❤️Where stories live. Discover now