Chapter 41

2.4K 613 162
                                    



අපි කිම් මැන්ශන් එකෙන් ආයෙමත් ජියොන් මැන්ශන් එකට ඇවිත් අදට මාස තුනක් වෙනවා හැමදේම ගොඩක් හොදින් සිද්ද වුනා....හැබැයි එක දෙයක් ඇර ඒ තමා මගේ මූඩ් ස්වින්ග්ස්.....





ඇත්තටම ටේ බබාටත් වඩා මේ දවස් වල මූඩ් ස්වින්ග්ස් වෙන්නේ මගේ......

මගේ පැටියා මගේ මැනිකගේ බන්ඩිය ඇතුලේ ඉන්නවා කියලා මට තාමත් හිතාගන්න බැහැ....

මගේ ටේ බබා මැන්ශන් එක පුරා දුව දුව හිනාවෙවී සෙල්ලම් කරපු කාලෙ තාමත් මට අද ඊයේ වගේ...ඒත් ...ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.....මගේ දගයා දැන් තනි කෙනෙක් නෙවේ....මගේ දගයා එක්ක තවත් දගයෙක් මග බලන් ඉන්නවා ඉක්මනටම එයාගෙ අප්පා හම්බෙන්න එන්න...



මැනික...ඔහොම ඉන්න ඇදෙන් බහින්න එපා.හබී අරන් එන්නම්.මොන පාට එකද ඕනේ...කොල පාට එකද? නිල් පාට එකද?


ආහ් මගෙ ටේ බබාට නම් කොච්චර කිවුවත් අහන් නෑ....ඔවු ඉතින් තාමත් ඉන්නේ මගේ දගයමනේ...
ඒත් එයාගෙ දග වැඩ අඩු කරන්න කාලෙ හරි දැන්..මගේ ටේ බබා සෙල්ලම් කරන්න ගිහිල්ලා එයාට තුවාල කරගත්තොත්...
මගේ මැනික පඩිපෙලෙන් ලිස්සලා ගියොත්?

මගේ මැනික කෑම හිරකරගත්තොත්?
මගේ මැනිකට එයා ඇදන් ඉන්න ඇදුම් වලින් අපහසුවක් දැනුනොත්?
මම හැමවෙලේම මගෙ දගයට අවදානෙ දෙන්න ඕනේ...
අන්න ඒ නිසාම මම මාස දහයකටම කම්පැනි එකෙන් ලීවු එකක් ගත්තේ මගේ හැම වැඩක්ම අප්පට බාර දීලා..



හබී ටේටේට මෙහෙම ඉන්න බෑ..ටේටෙට ඇදෙන් බහින්න දෙන්නකෝ...ටේටේට කම්මැලි හබී....ඔම්මගේ පැංචෝ අප්පට කියන්නකෝ...
ඔම්මා පැංචට මුකුත් වෙන්නේ දෙන්නේ නැහැ කියලා....අප්පා බොරුවට බය වෙලා..

මගේ මැනිකගේ චූටි බන්ඩිය දැන් චුට්ට චුට්ට බෝල වෙන්න පටන් අරන් ...
දවසින් දවස මගේ මැනිකත් බන්ඩිය වගේම එන්න එන්න බෝල වෙනවා....එන්න එන්න රෝස පාට වෙනවා....මට වෙලාවකට හිතෙනවා මගේ මැනිකව අල්ලලා රතු වෙලා යනකම් හපන්න...ඒත් මට බෑනේ මගෙ මැනිකට රිදෙයි මම එහෙම කරන්න ගියොත්...

මගේ මැනික එයාගෙ චූටි බන්ඩිය අත ගගා තනියම කතාකරනවා මම බලන් හිටියේ කියාගන්න බැරි තරම් ලොකු හැගීම් ගොඩක් හිරකරගෙන ....

My little wifie🐵🐱❤️Where stories live. Discover now