Chapter 44

2.3K 553 211
                                    

ජන්කුක් වාහනේ Drive කරද්දි ජන්කුක්ගේ අත ලගට අරගෙන පපුවට තුරුලු කරගෙන ටේ තද නින්දක හිටියේ...

ටේ දිහා සැරින් සැරේ බල බල හිනාවෙවී ජන්කුක් දිගටම කලුවර කපාගෙන වාහනේ එක දිගටම Drive කලේ හිටිගමන් වැස්සකුත් කඩන් වැටෙද්දි..


හබී......අපේ පැංචා ....

මොකක්ද මගේ මැනික......

ටේ හෙමින් හෙමින් නින්දෙන්ම මොනවදො මුමුනද්දි ජන්කුක් ටේගේ කට ලගටම නැමුනේ ටේ එයාට කතාකරනවද හිතාගෙන ..ඒත් ටේ නින්දෙන්මයි තනියම මුමුනන්නෙ කියලා දැක්කම ජන්කුක් තමන් එක්කම හිනාවුනේ ටේ නින්දෙනුත් එයාලගේ පැංචා එක්කයි හබී එක්ක කතාකරන නිසා...

අපේ පැංචා ඉක්මනින්ම එයි මගේ මැනික...

ජන්කුක් ටේගේ අතක් අරගෙන සිපගත්තා..

ඒත් එක්කම ටේ දිහා බල බල හිනාවෙවී හිටිය ජන්කුක් හිටි හැටියෙම වාහනේ බ්‍රේක් එක පෑගුවේ වැස්සෙම කවුද මනුස්සයෙක් වාහනේට ඉස්සරහට දුවන් ඇවිත් අත දාපු නිසා....


සර්....සර් ..අනේ සර් මගේ අක්කාට හොදටම අමාරුයි ..එයාට දරුවෙක් ලැබෙන්න සර්..අනේ පොඩ්ඩක් එන්නකෝ... මගෙ අක්කව හොස්පිට්ල් අරන් යන්න උදවු කරන්න සර්.....අනේ සර් ....

ජන්කුක් කාර් එක නැවැත්තුව ගමන්ම කාර් එකේ දොරේ එල්ලුන මනුස්සයා අඩ අඩ කියවන්න ගත්තා..

අහ්..හරි ...හරි ඔහොම ඉන්න මම බලන්නම්...කෝ කොහෙද ඉන්නේ ඔයාගෙ අක්කා.

සර් එන්නකෝ බැහැලා....අක්කා ඉන්නෙ අර ගහ යට..මම අක්කව එතන ඉන්දවලා ආවේ සර්...



මහ වැස්සේ කිසිදෙයක් කරගන්න කියාගන්න බැරි මනුස්සයෙක් ...එයාත් ජන්කුක්ගේ ටේ බබා වගේම ප්‍රෙග්නන්ට් කෙනෙක්.... ටේ දිහාත් සැරයක් බලපු ජන්කුක් දිග හුස්මක් අරගෙන වාහනෙන් එලියට බැස්සා...ඒත් ජන්කුක් හිතන්නත් කලින් පිටිපස්සෙන් ආපු මිනිහෙක් ජන්කුක්ගේ බෙල්ලට පිහියක් තිබ්බේ ජන්කුක් හිටි තැනම ගල් වෙලා යද්දි.....

තමුසේ ලග තියන ඔක්කොම සල්ලියි..වටිනා කරන බඩුයි ඔක්කොම අපිට දෙනවා....

My little wifie🐵🐱❤️Où les histoires vivent. Découvrez maintenant