Chapter 2

1.8K 323 156
                                    

"කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කුකී.. දෙන්න ඕක.."

"හිහී.. බෑ.. දැන් ඒක මගේ.."

"යාහ්! ඉන්නවකෝ මං අල්ලගන්නකම්.."

"තව ටිකක් වේගෙන්.. උහ්! ආහ් ඔම්මා!!!" ජිමින්ගෙ බර්ගර් එක උදුරගෙන දුවගෙන ආපු ජන්ග්කුක් එකපාරටම කාගෙහරි ඇඟක හැප්පුණා. දුවගෙන ආපු ජන්ග්කුක්ගෙ වේගෙ නිසා ඒ කෙනාගෙ බැලන්ස් නැතිවෙලා යද්දි ඒ මනුස්සයා විසිවෙලා ගිහින් බිමට වැටුණේ ජන්ග්කුකුත් ඒත් එක්කම එයාගෙ පපුව උඩට ඇදගෙන වැටෙද්දි.

බය නිසාම තදකරලා පියාගෙන හිටපු ඇස්, ටික වෙලාවකින් හිමින් ඇරපු ජන්ග්කුක් බැලුවෙ එයා ඉන්නෙ කොහෙද කියලා. වාසනාවකට වගේ ජන්ග්කුක්ට කිසිම ආබාධයක් තිබුනෙත් නැහැ.. වේදනාවක් දැනුනෙත් නෑ. ඒත්... ඔහ්!

ජන්ග්කුක්ගෙ ඇස් එයාට යටවෙලා ඉන්න කෙනාගෙ ඇස් එක්ක ගැටෙද්දි ජන්ග්කුක්ගෙ ඇස් බෝල වෙලා ගියා. V?? ඇයි දෙවියනේ ඒ මනුස්සයම??

ක්ලාස් රූම් එකෙන් එළියට යන්න හිතාගෙන ආපු ටේහ්‍යොන්ග්ගේ ඇඟේ එකපාරටම වේගයෙන් දුවගෙන ආපු කෙනෙක් හැප්පෙද්දි ඒ වේගෙත් එක්ක ටේහ්‍යොන්ග් විසිවෙලා ගිහින් වැටුණා. හොඳ වෙලාවට ෆුට්බෝල් practice වලට පින්සිද්ද වෙන්න ටේහ්‍යොන්ග් ඉක්මනට වැලමිට බිම තියලා ඔලුව ගිහින් බිම නොවදින්න වගබලා ගත්තා. ටේහ්‍යොන්ග්ට හුස්මක් ගන්නවත් ඉඩක් නොදී තවත් බරක් එයාගෙ පපුව උඩට වැටෙද්දි ටේහ්‍යොන්ග්ගේ අනිත් අත ඉබේටම ඒ කෙනාගෙ ඉන වටේට එතුනේ සහජයෙන්ම වෙන මිනිස් ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට.

හුස්ම ගන්න පුළුවන් උන ගමන්ම ටේහ්‍යොන්ග් ඇස් පාතට හරවලා බැලුවෙ කවුද එයාගෙ පපුව උඩ ඉන්නෙ කියලා. සුපුරුදු කළු පාට coconut head එක දකිද්දි ටේහ්‍යොන්ග්ගේ ඇස් ඉබේම සිහින් වෙලා ගියා. ඒ බයෙන් පිරිලා තියෙන අහිංසක බෝල ඇස් ටේහ්‍යොන්ග්ගේ නපුරු පාට හීනි ඇස් වල ගැටෙද්දි ටේහ්‍යොන්ග් එකපාරටම ගැස්සිලා ගියත් ඒ ඇස් වලින් තමන්ගෙ ඇස් මුදාගන්න සිහියක් ටේහ්‍යොන්ග්ට තිබුණේ නැහැ. අඩුගානෙ වටේටම හිටපු ළමයි ඇස් කටේ දාගෙන ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න බවක්වත් ඒ දෙන්නගෙන් කාටවත්ම තේරුණේ නෑ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now