Chapter 14

1.6K 309 351
                                    

"එපා!!!" ජන්ග්කුක් කලබලයෙන් කෑගහන ගමන් ටේහ්‍යොන්ග්ගේ ඇඟ උඩින් නැගිට්ටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"එපා!!!" ජන්ග්කුක් කලබලයෙන් කෑගහන ගමන් ටේහ්‍යොන්ග්ගේ ඇඟ උඩින් නැගිට්ටා.

"ඇඳුම් මාරුකරනවා කියන්න.." ටේහ්‍යොන්ග් තොල් මැතිරුවම ජන්ග්කුක් confused වෙලා බැලුවෙ අඩ අඳුරත් එක්ක එයාට ටේහ්‍යොන්ග් කියපු දේ තේරුණේ නැති නිසා. ඉතින් ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක්ට ළංවෙලා ජන්ග්කුක්ගෙ හූඩි එකට අත තිබ්බා.

"යාහ් මොකද.." රහසින් කියන ගමන් ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව තල්ලු කරන්න හැදුවත් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ හූඩි එක ගලවලා දැම්මා.

"කුකී.. " ජිමින් ආයෙමත් කතා කරද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක්ගෙ බෑග් එකෙන් ඇඳුමක් අරගෙන ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවට විසිකරා. එතකොට තමයි ජන්ග්කුක්ට ටේහ්‍යොන්ග් කරන්න හදපු දේ තේරුනේ.

"අහ් චිම්.. මං.. මං මේ ඇඳුම් මාරුකරනවා.. ටිකක් ඉන්න. මං ඉක්මනට එන්නම්." ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග් දුන්නු ටීශර්ට් එක දාගෙන එළියට යද්දි ජිමින් අත් දෙකත් බැඳගෙන ටෙන්ට් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා.

"ඇයි.." ජන්ග්කුක් අහද්දි ජිමින් ඇස් රෝල් කරා.

"ඇයි?? මං එක්ක හිටපු කොල්ලා තනියෙන් ඇත්තෙ කියලා මං ජින්ගෙත් බේරිලා ඉක්මනට ආවා. ඒත් මං ආපහු එද්දි ඒකා පේනමානෙකවත් නෑ."

"සොරී.. මං.. මට කම්මැලි හිතුනු නිසා මං ආවෙ."

"ඇඳුම් මාරුකරේ??" ජන්ග්කුක්ගෙ උඩ ඉඳන් යටටම බලන ගමන් ජිමින් ඇහුවම ජන්ග්කුක් අමාරුවෙන් කෙල පිඩක් ගිල්ලා.

"අහ්.. ම්-මං හැදුවෙ නිදාගන්න.. ඒකයි.."

"එහෙනම් යමු.. නිදාගමු අපි දෙන්නා. දැන් කොහොමත් කට්ටියට නිදාගන්න යන්න කියලා කියයි." ජිමින් කිව්වම ජන්ග්කුක්ගෙ හුස්ම හිරවුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now