Chapter 20

1.7K 329 200
                                    

ජන්ග්කුක් දුවගෙන ගිය දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් දිග සුසුමක් හෙලලා එයාගෙ අතේ එල්ලිලා ඉන්න යූරිව ඉවතට තල්ලු කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් දුවගෙන ගිය දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් දිග සුසුමක් හෙලලා එයාගෙ අතේ එල්ලිලා ඉන්න යූරිව ඉවතට තල්ලු කරා.

"V.." යූරි ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ අත අල්ලගන්න හැදුවත් ටේහ්‍යොන්ග් පිටිපස්සට අඩියක් තියලා යූරිව වැලැක්වුවා.

"ප්ලීස් යූරි.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න."

"මොකද්ද.. ඒත් ඇයි.. ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ V? මම හිතුවා ඔයා මට කැමතියි කියලා."

"මං ඔයාට කැමතියි කියලා කියලා තියෙයිද.. ආ?? නෑනෙ නේද?"

"එහෙනම් ඔයා මාව accept කරේ?" යූරිගේ ඇස් වලට කඳුලු පිරුණා.

"මගෙ ඔම්මා එදා ආපු නිසා." ටේහ්‍යොන්ග් එහෙම හිතුවත් කියන්න ගියෙ නෑ.

"තමුසෙව කට්ටිය ඉස්සරහා ලැජ්ජා කරවන්න බැරි නිසා."

"ඔයා.. ඔයා බොරු නේද කියන්නෙ ඔය? ඔයා මට පොඩ්ඩක්වත් කැමති උනේ නැද්ද V??" යූරි ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ ඇඟේ එල්ලෙන්න ආවත් ටේහ්‍යොන්ග් යූරිව එයාගෙ ඇඟෙන් අයින් කරා.

"ප්ලීස්... පිළිගන්නවා නම් පිළිගන්නවා. නැත්නම් මට වදනොදී යනවා මෙතනින්." තරහින්ම එහෙම කියපු ටේහ්‍යොන්ග් යූරි දිහා එකපාරක්වත් බලන්නෙ නැතුව ground එක දිහාවට ගියේ සුපුරුදු විදිහටම ෆුට්බෝල් වලින් එයාගෙ හිත සනසගන්න.

ටේහ්‍යොන්ග් හිටියෙ සම්පූර්ණයෙන්ම පිස්සෙක් වෙලා. ජන්ග්කුක් නැතුව ගෙවෙන එක තත්ත්පරයත් එයාව පණ පිටින් පුච්චලා දැම්මා. ‍යූරි.. කරන්න දෙයක් නැතිකමට ඒ වෙලාවෙ එයාට සිද්ද උනා යූරිගේ යෝජනාව පිළිගන්න. ඒත් යූරි හැමවෙලේම එයාගෙ ඇඟේ ඇලෙන්න එන එකට ටේහ්‍යොන්ග් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඉස්සර වගේ අනිත් අයට පේන්නවත් යූරි එක්ක ඇලිලා ඉන්න ටේහ්‍යොන්ග්ට බැරිවුණා. එයාට ඕනෙ උනා ජන්ග්කුක් එක්ක කතා කරන්න.. ඒත් ජන්ග්කුක් හැමවෙලේම හිටියෙ ජිමින් එක්ක. තනියෙන් ඉන්න වෙලාවක උනත් ජන්ග්කුක් එයාව දකින තත්ත්පරේම එයාව මඟ ඇරලා දුවනවා. ඉතින් ටේහ්‍යොන්ග් කොහොමද ජන්ග්කුක් එක්ක කතා කරන්නේ? කොහොමද එයා ඇයි එහෙම කරේ කියලා ජන්ග්කුක්ට පැහැදිලි කරන්නෙ? ඒ වෙලාවෙ එයා අසරණ උනා කියලා කොහොමද එයා ජන්ග්කුක්ට කියන්නෙ? ටේහ්‍යොන්ග් බය නෑ ළමයි ඉස්සරහා එයා gay කියලා පිළිගන්න. ඇයි එයා බයවෙන්නෙ? මුළු ඉස්කෝලෙම එයාගෙ යටතෙ තියෙද්දි මොකටද එයා බයවෙන්නෙ? ඒත් ළමයින්ට බය නැති උනාට එයා බයයි මේ ලෝකෙ තමන්ට කියලා ඉන්න එකම ලේ නෑයාව අහිමි කරගන්න. ජන්ග්කුක්ව එයාට ගොඩක් වටිනවා තමයි. ඒත් ටේහ්‍යොන්ග්ට ඊටවඩා එයාගෙ ඔම්මව වටිනවා. එයාගෙ ඔම්මා අවුරුදු 17ක් දුක් මහන්සි වෙලා එයාව බලාගත්තෙ තනියෙන්. ඉතින් එයාගෙ ඔම්මව රිද්දවන්න, ඔම්මගෙ කැමැත්තට පිටින් යන්න ටේහ්‍යොන්ග් බයවුණා. ඒත් අනිත් පැත්තෙන් ජන්ග්කුක්ව අමතක කරලා හිත හදාගන්නත් ටේහ්‍යොන්ග්ට බැරිවුණා. එයාගෙ ඔම්මද.. නැත්නම් ජන්ග්කුක්ද කියන තැනදි ටේහ්‍යොන්ග් ගොඩක් අසරණ වෙලා හිටියෙ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now