Chapter 6

1.7K 325 288
                                    

(Ahem 👀)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Ahem 👀)

"කකුල මේ විදිහට තියාගන්න.. මුලින්ම ඔයා බෝලෙ උඩින් කකුල තියලා මේ විදිහට රෝල් කරලා ඒක ඔයාගෙ කකුල් දෙක අතරට අරගෙන නතර කරගන්න. ඊටපස්සෙ අනිත් කකුලෙන් බෝලෙ උඩට කරලා jump කරවන්න. ඊටපස්සෙ jump වෙන බෝලෙ ඔයාගෙ කකුලෙ ඇඟිලි හරියෙන් එකදිගට jump කරවන්න ඔයාට හරි rhythm එක අහුවෙනකම්." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කකුල් ළඟ නැමිලා ජන්ග්කුක්ගෙ කකුල් පවා ගානට හදලා දුන්නා.

කීපවතාවක්ම ජන්ග්කුක්ට පේන්න ටේහ්‍යොන්ග් ඒක කරලත් පෙන්නුවා. ටේහ්‍යොන්ග් කියන්නෙ පුහුණුවීම් වලදි මෙච්චර ඉවසන කෙනෙක්වත් කෙනෙක්ව පුහුණු කරන්න මෙච්චර දේවල් කරන කෙනෙක්වත් නෙවෙයි. අනික ජන්ග්කුක් කියන්නෙ ටේහ්‍යොන්ග්ගේ පරම හතුරා. හැමෝම දන්නවා ජන්ග්කුක් ෆුට්බෝල් තෝරගත්තු එක ගැන ටේහ්‍යොන්ග් ඉන්නෙ තරහින් කියලා. ඉතින් ටේහ්‍යොන්ග්ගේ මේ වෙනස අනිත් අයට තේරුණත් කිසිම කෙනෙක් ටේහ්‍යොන්ග්ව ප්‍රශ්න කරන්න ගියේ නෑ.

ජන්ග්කුක්ට නම් ටේහ්‍යොන්ග්ගේ වෙනසක් පෙනුනෙ නෑ. මොකද ජන්ග්කුක් මීටකලින් ටේහ්‍යොන්ග් අනිත් අයව practice කරනවා දැකලා තිබුණේ නැහැ. අනික ටේහ්‍යොන්ග් එයාට හොඳින් සලකන්නෙ කෝච් බෝගම් නිසා කියලයි ජන්ග්කුක් හිතුවෙ. ඒ නැතත් නායකයෙක් විදිහට ටේහ්‍යොන්ග්ට තියෙන්න ඕනෙ හැම ගුණාංගයක්ම තිබුණු නිසා ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව අභියෝගයක් විදිහට දැක්කත් එයාව නිවැරදිව, උපරිම උත්සාහයෙන් පුහුණු කරන එක ලොකුවට පුදුම වෙන්න ඕනෙ දෙයක් කියලා ජන්ග්කුක් කොහොමත් හිතුවෙ නෑ.

"V!"

"කෝච්.."

"මේ සෝහා. එයත් අලුතින් ටීම් එකට බැඳෙන්න කැමතියිලු. ඔයාට ජන්ග්කුක් එක්ක එයාවත් practice කරවන්න පුළුවන් නේද?"

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now