Chapter 28

1.3K 308 110
                                    

Tigerbunny 🐯🐰 (ඒක අමුතුම ගැලපීමක්❤)

Tigerbunny 🐯🐰 (ඒක අමුතුම ගැලපීමක්❤)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"බේබි ආවද?" Mrs. Jeon එයාව එක්කගෙන යන්න ආපු ඩ්‍රයිවර්ගෙන් ඇහුවම ඩ්‍රයිවර් ඔලුව වැනුවා.

"ඔව් මැඩම්.. ඒත්.."

"ඒත්?"

"ඒත් බේබි කාර් එකට දුවගෙන ඇවිත් නැග්ගෙ අඬ අඬා.. සෝල් වල ඉඳන් බුසාන් වලට එනකම්ම වගේ බේබි අඬ අඬා ආවෙ. මං ඇහුවත් බේබි මට මුකුත් කිව්වෙ නෑ." ඩ්‍රයිවර් කිව්වම Mrs. Jeonගෙ හදවත නොසන්සුන් වුණා.

"ඕකේ.. අපි පුළුවන් ඉක්මනට ගෙදර යමු." එතන ඉඳන් Jeon mansion එකට එනකම්ම ඒ දෙන්නා අතර කතාබහක් සිදු නොවුණත් Mrs. Jeon හිටියෙ දහසක් සිතුවිලි එක්ක සිතින් පොරබදන ගමන්. ජන්ග්කුක් කියන්නෙ සාමාන්‍යයෙන් ලොකු හේතුවක් නැතුව අඬන කෙනෙකුත් නෙවෙයි. ජන්ග්කුක් පුංචි කාලෙ ඉඳන්ම එයාගෙ ප්‍රශ්න තනියෙන් විසඳගන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් නිසා Mrs. Jeonට ජන්ග්කුක් ගැන කරදර වෙන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. කීකරු, හොඳට ඉගෙන ගන්න, ක්‍රීඩාවට පවා දක්ෂ දරුවෙක් උනු ජන්ග්කුක් Jeon පවුලට ආඩම්බරයක් වුණා. ඒත් ළඟකදි ඉඳන් ජන්ග්කුක්ගෙ හිතුවක්කාර හැසිරීම් නිසා Mrs. Jeon වගේම Mr. Jeonත් හිටියෙ ජන්ග්කුක් එක්ක අමනාපයෙන්. මොකද බිස්නස්මන්ලා විදිහට එයාලට පවුලෙ නම්බුව, ගෞරවය ගොඩක් වටිනවා.

හැබැයි එහෙමයි කියලා එයාලා එයාලගෙ එකම දරුවට ආදරේ නොකර හිටියා නෙවෙයි. එයාලා බිස්නස් වැඩ එක්ක ගොඩක් කාර්‍යබහුල උනු නිසා එයාලා අතින් ජන්ග්කුක්ව මඟ ඇරෙන්න ඇති. හැබැයි එයාලා ඒ හැමදෙයක්ම කරේ ජන්ග්කුක් වෙනුවෙන් ලස්සන අනාගතයක් හදන්න. එතකොට ජන්ග්කුක්ව ඉගෙනීම පැත්තට වගේම ක්‍රීඩාවට වැඩියෙන් යොමු කරේ ජන්ග්කුක් දවසක සාර්ථක මනුස්සයෙක් වෙනවා දකින එක එයාලගෙ එකම බලාපොරොත්තුව උනු නිසා. ඒත් ඉතින් කොහොමහරි හරි එයාලට එයාලගෙ එකම දරුවව ගොඩක් මඟ ඇරිලා තිබුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now