Chapter 10

1.8K 322 351
                                    

"අහ්" ඇඳෙන් නැගිටිද්දිම දැනුනු වේදනාවට ජන්ග්කුක් වෙතින් කෙඳිරිල්ලක් පිටවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අහ්" ඇඳෙන් නැගිටිද්දිම දැනුනු වේදනාවට ජන්ග්කුක් වෙතින් කෙඳිරිල්ලක් පිටවුණා.

"අමාරුද?" ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක් ළඟට ඇවිත් ජන්ග්කුක්ගෙ ඉනෙන් අල්ලගෙන ආයෙමත් ජන්ග්කුක්ව ඇඳෙන් වාඩි කෙරෙව්වා.

"ඒක ගානක් නෑ.. ගොඩ දවසකට පස්සෙ නිසා වෙන්නැති." ජන්ග්කුක් එහෙම කියලා ආයෙමත් නැගිටින්න හැදුවත් ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව නැවැත්තුවා.

"ඔයා අද මගෙ රූම් එකේ නිදාගන්න.."

"ආයිශ් මට අද නම් තවපාරක්.."

"මුකුත් කරන්න නෙවෙයි.. ඔයාට අමාරු නිසා කිව්වෙ." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"මට මගෙ ශර්ට් එක අරන් දෙනවද?" ජන්ග්කුක් බිම තියෙන එයාගෙ ශර්ට් එක පෙන්නලා කිව්වම ටේහ්‍යොන්ග් එයාගෙ ඇඳුම් දාලා තියෙන කබඩ් එකෙන් සුදුපාට ලොකු ශර්ට් එකක් අරන් ජන්ග්කුක්ගෙ අතට දුන්නා.

"ඕක ඇඳගන්න. අර ඇඳුම් දවසම ඇඳගෙන හිටියනේ." ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් පුදුමෙන් වගේ ටේහ්‍යොන්ග් දිහා බලලා හිමීට ශර්ට් එක අතට ගත්තා.

ජන්ග්කුක් ඒක ඇඳගන්න අතරේ ටේහ්‍යොන්ග් ඇඳට දාන්න අලුත් ශීට් එකක් හෙව්වා.

ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එක ඇඳගෙන එයාගෙ boxer එකත් ඇඳගෙන හිමීට ටේහ්‍යොන්ග්ගේ පොත් මේසෙ ළඟ තිබුණු පුටුවෙන් ඉඳගත්තා. මේසෙ උඩ තිබුණු ඒ දෙන්නගෙ පාඩම් පොත් දිහා බලපු ජන්ග්කුක්ට නොදැනිම දිග සුසුමක් පිටවුණා.

මොනතරම් ටේහ්‍යොන්ග්ගේ වචන වලට රැවටෙන්නෙ නෑ කියලා හිතුවත් ටේහ්‍යොන්ග්ගේ එක වචනෙකට හැම සීමාවක්ම බිඳලා දාන්න පුළුවන් වෙද්දි ජන්ග්කුක්ට එයාගෙ දුර්වල හදවතට දොස් කියන එක විතරයි  අන්තිමේදි කරන්න ඉතුරු උනේ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now