Chapter 21

1.7K 337 158
                                    


ආයෙමත් හැමදෙයක්ම යතා තත්ත්වයට පත්වෙමින් තිබුණා. ටේහ්‍යොන්ග්ගෙන් හොඳටම ගුටිකාපු සෝහාව ඒ වෙද්දි ඉස්කෝලෙන් අස් කරලා තිබුණේ සෝහා කරපු වැරැද්දට සමාව දෙන්න බැරි නිසා.

ටේහ්‍යොන්ග් සුපුරුදු පරිදි එයාගෙ මුලු කාලයම ෆුට්බෝල් වෙනුවෙන් වැය කරද්දි ජන්ග්කුක් එයාගෙ නිදහස් කාලය cheerleading වෙනුවෙන් වැයකරා. ලීසා ඒ වෙද්දි ජන්ග්කුක්ගෙ හොඳම යාලුවෙක් වෙලා තිබුණා වගේම ටීම් එකේ අනිත් අයත් ජන්ග්කුක්ට වෙනසක් නොකර එයත් එක්ක සුහදව හැසිරෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වගේම සුපුරුදු පරිද්දෙන්ම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට හැම රෑකම පාඩම් කියලා දුන්නෙ ටේහ්‍යොන්ග්ට කොච්චර බල කරත් එයා ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න අකමැති උනු නිසා. කිස් එකක් වගේ පුංචි පුංචි අල්ලස් දීලා හරි ජන්ග්කුක් කොහොමහරි ටේහ්‍යොන්ග්ගේ අවදානය පැයකට දෙකකට හරි පාඩම් වලට යොමු කරවගන්න සමත් වුණා.

එදා උදේම නැගිට්ටෙ ටේහ්‍යොන්ග්.. ගොඩ කාලෙකට පස්සෙ ඒ දෙන්නා කලින් දවසෙ රෑ ආයෙමත් එකතු උනු නිසා ජන්ග්කුක්ට ඒ මහන්සියටත් එක්කම තදින් නින්ද ගිහින් තිබුණා.

"බේබි.. නැගිටින්න." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට කතා කරත් ජන්ග්කුක් කෙඳිරි ගාලා ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

"බේබි.." ටේහ්‍යොන්ග් ආයෙමත් ජන්ග්කුක්ගෙ ඇඟෙන් අත තියලා හිමීට හෙලෙව්වම ජන්ග්කුක් මූණ කොට්ටෙට ඔබාගෙන ටේහ්‍යොන්ග්ගේ අත ඉවතට තල්ලු කරා.

"යන්නකෝ ටෙඩී.. මට නිදාගන්න දීලා."

"වෙලාව අටයි කම්මැලියො.. නැගිටිනවා." ඒක ඇහුවම නම් ජන්ග්කුක්ගෙ නිදිමත සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.

"යාහ්, කොහොමද මට එච්චර වෙලා නින්ද ගියේ.. ඌහ්!" ජන්ග්කුක් කලබලෙන් ඇඳෙන් බැහැලා bathroom එකට දුවන්න ලෑස්ති උනත් එයාට කෙඳිරි ගෑවෙද්දි ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක් ළඟට ආවා.

"කලබලේනෙ ඉතින්.."

"ඔයාගෙ වැඩ නිසානෙ.. හුම්." ජන්ග්කුක් තොල් උල් කරගෙන හුරතලේට රවද්දි ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා ජන්ග්කුක්ගෙ ඉනෙන් අල්ලගත්තා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now