Chapter 7

1.8K 329 393
                                    

(මං මලා😳)

(මං මලා😳)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔප්... ජන්ග්කුකී.." Girl කෙනෙක් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලලා එයාව නැවැත්තුවම ජන්ග්කුක් හැරිලා බැලුවා. අත අල්ලගෙන ඉන්නෙ first year girl කෙනෙක් කියලා දැක්කම ජන්ග්කුක් ඉක්මනට අත ගසලා එයාගෙ අත නිදහස් කරගත්තා.

"ඇයි?" ගහගන්න වගේ ජන්ග්කුක් අහද්දි ඒ ගර්ල් එයාගෙ අතේ තිබුණු රෝස මල ජන්ග්කුක්ගෙ අතට දීලා ඉස්සිලා ජන්ග්කුක්ගෙ කම්මුලක් කිස් කරා.

"යාහ් මොකද්.." ජන්ග්කුක් කලබලෙන් පිටිපස්සට පැන්නත් ඒ ගර්ල් හිනාවෙලා ජන්ග්කුක්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ඒ ඇස් දිහා බැලුවා.

"ජන්ග්කුකී.. i love you."

"පිස්.." ජන්ග්කුක් 'පිස්සුද තමුසෙට' කියලා අහන්න ගියත් එකපාරටම කොහේදෝ ඉඳන් එතනට කඩා පැනපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ අතේ තිබුණු රෝස මල අල්ලලා විසිකරලා දැම්මා.

"යාහ්!"

"අද රෑට මගෙ රූම් එකට එන්න." ජන්ග්කුක්ගෙ කෑගැහිල්ල තඹේකට මායිම් නොකරපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කනට කරලා මිමිණුවා. ජන්ග්කුක් එතනම ගල්වෙද්දි ටේහ්‍යොන්ග් තරහින් පුපුරන ගමන් එයා දිහා බලාගෙන ඉන්න ගර්ල්ට ඇහැක් ගහලා එතනින් ගියේ bandana එකට හිරවෙලා තිබුණු එයාගෙ කොණ්ඩෙ අතින් හදන ගමන්.

"ජන්ග්කුකී.." ජන්ග්කුක්ට confess කරපු ගෑණු ළමයා කීපවතාවක්ම එයාට කතා කරත් ජන්ග්කුක්ට ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ. ටේහ්‍යොන්ග්ගේ වචන විතරක් එයාගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගනිද්දි ජන්ග්කුක් පියවි සිහියකින් තොරවම ඉස්සරහට ඇවිදගෙන යන්න ගත්තෙ ජන්ග්කුක්ට ආදරෙයි කියපු ගර්ල්ගෙ මූණ කළු වළාවකින් වැහිලා යන්න සලස්වලා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now