Chapter 9

1.8K 320 498
                                    

සතියක කාලයක් ගතවෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සතියක කාලයක් ගතවෙලා ගියා. ජන්ග්කුක් ඒ සතිය පුරාම පුළුවන් තරම් ටේහ්‍යොන්ග්ව මඟ ඇරියා. ටේහ්‍යොන්ග් බොරුවටත් එක්ක කේන්ති අරගෙන පිස්සු නටන්න ගත්තා. ඉඳලා හිටලා සෝජු පාටියක් විතරක් දාපු ටේහ්‍යොන්ග් එක සතියට සෝජු වලින් සිගරට් වලටත් මාරුවුණා. ටේහ්‍යොන්ග්ගේ මේ හැසිරීමට හේතුව එයාගෙ යාලුවො කිසි කෙනෙක්ට හිතාගන්න බැරිවෙද්දි කට්ටියම ටේහ්‍යොන්ග් ගැන දුක්වුණා. මොකද ටේහ්‍යොන්ග් මීටකලින් කවදාවත් මෙහෙම හැසිරිලා තිබුණේ නැහැ.

ඒ සතියෙ අන්තිම වෙද්දි ටේහ්‍යොන්ග් බොරුවටත් එක්ක අහිංසක කොල්ලොන්ට ගහන්න පටන් ගත්තෙ වෙනදා වගේ ජන්ග්කුක් ඒ ළමයින්ව බේරගන්න එයි කියන බලාපොරොත්තුවෙන් උනත් ටේහ්‍යොන්ග්ගේ හදවත බලාගෙන හිටපු ඒ බලාපොරොත්තුවවත් ඉශ්ඨ උනේ නෑ. වෙනදට ටේහ්‍යොන්ග් කියන පුංචි දේටත් ආපහු බැනගෙන ආපු ජන්ග්කුක් දැන් ටේහ්‍යොන්ග් මොනාහරි කියන්න කට ඇරපු ගමන් එයාලගෙ ටේබල් එකෙන් නැගිටලා යනවා. ජන්ග්කුක්ගෙ වෙනසක් අනිත් අය ලොකුවට දැක්කෙ නැත්තෙ ජන්ග්කුක් හැමවෙලේම ෆුට්බෝල් practice නිසා මඟ ඇරෙන පාඩම් වැඩ කරන්න library එකට යනවා කියලා කියන බොරුව නිසයි. ඒත් ඒ සතියෙම ජන්ග්කුක් මොනාහරි බොරුවක් කියලා football practice මඟ ඇරියා කියනෙක ඒ හැමෝටම ගානක් නැතිවුණා.

කොහොමත් දෙයක් උනාම ඒක හැමෝටම පේන්න ප්‍රකාශ කරන කෙනා, බීලා පිස්සු නටන කෙනා, එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ දුක මාකට් කරන කෙනාට විතරයි සමාජයේ අනුකම්පාව හිමිවෙන්නෙ.

ඒක එහෙම වෙද්දි තමන්ගෙ දුකක් අනිත් අය ඉස්සරහා කියලා අනුකම්පාව ලබාගන්න අකමැති, මොන දේ උනත් ඒක තමන් තුලම දරාගන්න තරම් හිත හයිය ශක්තිමත් මිනිස්සු සමාජය ඉස්සරහා හැඟීම් දැනීම් නැති මිනිස්සු ගානට පත්වෙනවා. සමාජය ඉස්සරහා ගොඩක් වෙලාවට වැරදිකාරයො වෙන්නෙත් ඒ අය.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now